මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    8 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම උත්සවාකාරයෙන් ආරම්භ කිරීම අදයි

    මැයි 08, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 මැයි මස 08 වැනි අඟහරුවාදා ( අද ) ප.ව. 2.15 ට අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.

    පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේ දී ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

    අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් එතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2018 අප්‍රේල් මස 12 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන ලද අතර, පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගැනීමේ දිනය වශයෙන් 2018 මැයි මස 8 වැනි දිනය නියම කර ඇත.

    දින ආරම්භවන පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ දී ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් මැයි 10 දින පෙ.ව. 10.30 සිට ප.ව.6.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් ලෙස විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    අද දින ප.ව.1.00 ට අමුත්තන් අසුන් ගැනීම සිදු වෙයි. ප.ව.1.40ට  කතානායක සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරය විසින් ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුවේ පියගැටපෙළ අභියසදී පිළිගැනීම සිදු වෙයි. ජතික කොඩිය එසවීම, උත්තමාචාරය, ආචර වෙඩිමුර පැවැත්වීම, ජයමංගල ගාථා ඉදිරිපත් කිරීම ඉන් පසුව පිළිවෙළින් සිදු කෙරේ.

    ප.ව. 2.10ට ඝණ පූර්ණ සීනුව නාදවීමෙන් අනතුරුව නව පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹේ. ජනාධිපතිතුමා ප.ව 2.15ට මංගල රැස්වීමේ මුලසුන ගැනීම සිදු වෙයි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීම සිදු කරයි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව පාර්ලිමේන්තු රැස්වීම පසුදිනයකට කල්තැබීම සිදු කෙරේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya