මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුලතිසි පිළිකා සුවසරණ සංගමය පිහිටුවීම ජනපති ප‍්‍රධානත්වයෙන්

    මැයි 08, 2018

    පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අසරණ පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර සේවා ලබා ගැනීම පහසුකරලීම සහ කැපකරු ක‍්‍රමයක් යටතේ ඔවුන්ට සේවා සැපයීමේ අරමුණින් ,පුලතිසි පිළිකා සුවසරණ සංගමය, පිහිටුවීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්   (07)දින පෙරවරුවේ පොළාන්නරුව මහ රෝහල් ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

    පුලතිසි පිළිකා සුවසරණ සංගමයේ ප‍්‍රධාන අනුශාසකවරයා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙහිදී පත්කර ගත් අතර, සභාපති ධූරය සඳහා කඳුරුවෙල ජයන්ති රජමහා විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නායක හිමිපාණන් වහන්සේ තෝරා පත් කර ගැනිණි.

    සංගමයේ උපදේශක මණ්ඩලය සහ විධායක සභාව තෝරාපත් කර ගැනීම ද මෙහිදී සිදුවිය.

    පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර, පිළිකා පිළිබඳ විශේෂ වෛද්‍ය සචිනි මලවිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya