නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ බැතිමතුන්ට සර්වඥධාතූන් වහන්සේලා එක් වර වැඳපුදා ගැනීමේ අවස්ථාව උදාවී තියෙනවා

    අප්‍රේල් 30, 2018

    සර්වඥ ධාතූන් වහන්සේලාගේ එක් කොටසක් පාකිස්ථානයටත්, තවත් කොටසක් ඉන්දියාවටත් අයිතිව තිබූ නිසා මෙම සර්වඥ ධාතූන් වහන්සේලා මීට පෙර ජනතාවගේ වන්දනා මාන කටයුතු සඳහා ප්‍රදර්ශනය කර නොතිබුණ බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ශ්‍රී ලංකාවේදී මෙම ධාතූන් වහන්සේලා බැතිමතුන්ගේ වන්දනා මාන කටයුතු සඳහා ප්‍රදර්ශනය කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ඊයේ (29) අරලිගහ මන්දිරයේදී පැවසීය.

     

    මෙවැනි ඓතිහාසික අවස්ථාවක් නැවතත් ශ්‍රී ලාංකික බැතිමතුන්ට ලැබේවි යැයි තමන් සිතන්නේ නැතැයි හෙතෙම කීය.

     ඉන්දියාවේ සාරානාත් නුවර සහ පාකිස්ථානයේ තක්‍ෂිලා නුවර සහ සිට වැඩම කරන ලද සර්වඥ ධාතූන් වහන්සේලා හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ සිට පෙරහැරින් අරලියගහ මන්දිරය වෙත වැඩම කළ අතර, එම සර්වඥ ධාතූන් වහන්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාර ගෙන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතා මේ බව සඳහන් කරමින් තවදුරටත් මෙසේ ද කීය.

    ජෝන් මාර්ෂල්ගේ ප්‍රධානත්වයෙන් පාකිස්ථානයේ තක්ෂිලා නුවර සිදු කළ කැණීම් කටයුතුවලින් සර්වඥ ධාතූන් වහන්සේලා හමු වුණා. එම සර්වඥ ධාතූන් වහන්සේලා පසුව ඉන්දියාවේ කල්කටා සහ දිල්ලි ප්‍රදේශ වෙත ද වැඩම කරවූවා. එම අවස්ථාවේ අනගාරික ධර්මපාල මැතිතුමා විසින් සාරානාත් නුවරට මෙම සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා. එවකට ඉන්දියාවේ අග්‍රාණ්ඩුකාරවරයා එම ඉල්ලීමට එකඟ වෙමින් සර්වඥ ධාතූන් වහන්සේලාගේ කොටසක් මහාබෝධී සමාගමට ලබාදුන්නා.


    ඉන්පසුව මෙම සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් කොටසක් සාරානාත්හි වරණාසි නගරයෙත් තවත් කොටසක් තක්ෂිලා නගරයේත් තැන්පත් කිරීමට හැකියාව ලැබුණා. සර්වඥ ධාතූන් වහන්සේලාගේ එක් කොටසක් පාකිස්ථානයටත්, තවත් කොටසක් ඉන්දියාවටත් අයිතිව තිබූ නිසා මෙම සර්වඥ ධාතූන් වහන්සේලා මීට පෙර ජනතාවගේ වන්දනා මාන කටයුතු සඳහා එක් තැනක ප්‍රදර්ශනය කර නැහැ. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ බැතිමතුන්ට මෙම ධාතූන් වහන්සේලා එක් වර වැඳපුදා ගැනීමේ අවස්ථාව උදාවී තියෙනවා. මෙය ඉතා දුර්ලභ අවස්ථාවක්. මෙවැනි ඓතිහාසික අවස්ථාවක් නැවතත් බැතිමතුන්ට ලැබේවි යැයි මම සිතන්නේ නැහැ. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් මම ඉන්දීය ආණ්ඩුවටත්, පාකිස්ථාන ආණ්ඩුවටත් ස්තූතිය පුද කරනවා.

    sar2

    ඡායාරූප- ලක්සිරි අල්විස් -රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya