විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව අතිපූජ්‍ය නාරද මාහිමි සමරු සදහම් පහය නමින් නම් කර තිබූ ධර්ම ශාලාව සග සතුකොට පූජා කළේය.
මින් පෙර දී ජනාධිපතිතුමා විසින් දුන් පොරොන්දුවක් ඉටුකරමින් නව ධර්ම මණ්ඩපයක් විහාරස්ථානය වෙත පූජා කළ ජනාධිපතිතුමා විහාරාධිපති, අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේටගේ ධර්ම දේශණය ශ්‍රවණය කිරීමට ද එක්විය.
ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )