ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, ඊයේ (28) පස්වරුවේ කුරුණෑගල, බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවය අමතමිනි.
ශ‍්‍රී.බු.ව 2562 වැනි රාජ්‍ය වෙසක් මහෝත්සවය ආධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ, තමා මීට පෙරද සදහන් කර තිබෙන පරිදි, රජයක් ලෙස සිය කටයුතු කරගෙන යාමේදී සෑම අවස්ථාවකම මහාසංඝරත්නයේ අවවාද හා අනුශාසනා මත මිස උන්වහන්සේලා ලබාදෙන උපදෙස්වලට පිටස්තරව කිසිසේත් කටයුතු නොකරන බවයි.
රටේ පවතින සමාජ සහ ආර්ථික ප‍්‍රශ්න පිළිබද නිසි අවබෝධයකින් කටයුතු කරන්නේ නම් ඒවාට විසඳුම් සෙවීමේදී ආගමික දර්ශනයන්ගෙන් ලැබෙන මග පෙන්වීම තරම් වෙනත් කිසිදු මගපෙන්වීමක් නොමැති බව ද ජනාධිපතිතුමා
මෙහිදී සඳහන් කළේ ය.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ මහා සංඝරත්නයේ අභිවෘද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ඉටුකළ යුතු සෑම වගකීමක්ම නොපිරිහෙළා ඉටුකිරීමට රජය ඉදිරියේදී ද කැපවන බව ජනාධිපතිතුමා මෙහිදී මහා සංඝරත්නය හමුවේ
වැඩිදුරටත් අවධාරණය කළේ ය.
රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිති කරගනිමින් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදුකෙරිණි. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය සඳහා අරමුදල් ප‍්‍රදානය සංකේතවත් කරමින්
ලිපි පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.ත
මහනුවර දළඳා මාළිගාවේ දියවඩන නිළමේතුමාගේ අනුග‍්‍රාහකත්වයෙන් දිස්ති‍්‍රක්කයේ දහම් පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් ද සිදු කෙරුණු අතර එම අවස්ථාව සංකෙත්වත් කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුවිය, බිංගිරිය දේවගිරි රාජමහා විහාරාධිපති සත්කෝරළ මහා දිසාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය මලඟනේ අත්ථදස්සී නායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
මේ අතර බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ අභිනව පිවිසුම් දොරටුව අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ සැදැහැවත් බෞද්ධ ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ
ජනාධිපති මාධ්‍ය අංශය