රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිති කරගනිමින් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදුකෙරිණි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය සදහා අරමුදල් ප්‍රදානය සංකේතවත් කරමින් ලිපි පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.
මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිළමේතුමාගේ අනුග්‍රාහකත්වයෙන් දිස්ති්‍රක්කයේ දහම් පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද සිදු කෙරුණු අතර එම අවස්ථාව සංකෙත්වත් කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුවිය.
බිංගිරිය දේවගිරි රාජමහා විහාරාධිපති සත්කෝරළ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මලගනේ අත්ථදස්සී නායක ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
මේ අතර බිංගිරිය දේවගිරි රාජමහා විහාරයේ අභිනව පිවිසුම් දොරටුව අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුථ මැති ඇමතිවරුන් සහ සැදැහැවත් බෞද්ධ ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.
( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )