අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු ජනාධිපති ව්ලැඩ්ර්මීර් පුටින් මහතාට ජනපතිගෙන් උණුසුම් සුබපැතුම්

    මාර්තු 21, 2018

    පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.

    රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමුකරමින් ජනාධිපතිතුමා සඳහන් කර තිබෙන්නේ ව්ලැඩ්මීර් පුටින් මහතා ලබාගත් මෙම විශිෂ්ට ජයග‍්‍රහණය එතුමාගේ නායකත්වය සහ දේශපාලන පරිනතභාවය පිළිබඳ රුසියානු ජනතාව තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නක් බවයි.

    රුසියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ප‍්‍රගතිශීලි සහ ශක්තිමත් සබඳතාවයක් බවට පත්කර ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන ජනාධිපතිතුමා දෙරටේ පොදු අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට කලාපීය සහ බහුපාර්ශ්වීය වශයෙන් එක්ව කටයුතු කිරීමට දෙරටට හැකියාව ලැබෙනු ඇති බව ද සඳහන් කර තිබේ.

    File photo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya