මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ යහපත වෙනුවෙන් ඕනෑම ප‍්‍රවාහයකට දොර විවර කළ ද සමාජය විනාශ කරන ප‍්‍රවාහ පාලනයට ක‍්‍රමයක් අවශ්‍යයි

    මාර්තු 14, 2018

    මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත් සමාජ යහපත වෙනුවෙන් වන ප‍්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක්වේ නම් එය පාලනය කිරීමට යම් ක‍්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අතර හමුවක් අද (13) පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය.

    ජංගම දුරකථන, පරිගණකය, අන්තර් ජාලය, සමාජ මාධ්‍ය නිර්මාණය වූයේ මානව සමාජයේ යහපත සඳහා බවත්, එයින් ලෝකයක දැනුම තමන්ට අත්කර ගත හැකි වුව ද අවාසනාවකට ශී‍්‍ර ලංකාවේ ඇතැම් දෙනා මෙම සම්පත්
    භාවිතා කරන්නේ රට විනාශ කිරීමට බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    එබැවින් මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ නව වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා, ඒ සඳහා රජය මෙන්ම සියලූ පුරවැසියන් ද තම
    වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

    ජාතික සමගිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා කිරීම් වැනි දේ ඉවත් කර යහපත් සහ නිවැරදි දේ පමණක් හුවමාරු කෙරෙන මාධ්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා
    කියා සිටියේය.

    වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, ශිෂ්‍ය සංගම් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් ඉතා හරසරින් යුතුව ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.

    ජපානයේ වෙසෙන ශි‍්‍ර ලාංකිකයින් මාතෘ භූමියේ කිර්තිනාමය රැුක ගනිමින් රට වෙනුවෙන් ඉටුකරන මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

    තම ක්ෂේත‍්‍ර තුළ කටයුතු කරගෙන යාමේදී මුහුණදීමට සිදුව ඇති ගැටලූ කිහිපයක් පිළිබඳව ද මෙහිදී ඔවුන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර, එම ගැටලූ විසඳීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිතුමා
    සඳහන් කළේ ය.

    එම ක්ෂේත‍්‍රවල නියෝජිතයින් මීට පෙර ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදී ඉදිරිපත් කළ ගැටලූ කිහිපයකට විසඳුම් ලබාදීමට ද ජනාධිපතිතුමා කටයුතු කර තිබූ අතර ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය
    පිරිනැමීමට ද ඔවුන් මෙය අවස්ථාවක් කර ගත්තේය.

    අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, තිලක් මාරපන, මලික් සමරවික‍්‍රම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya