අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන – ශ‍්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

    මාර්තු 14, 2018

     ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ආයෝජන සමුළුවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.


    දෙරටේම ආයෝජකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුවේදී දෙරට අතර ආර්ථික බැඳීම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද පුළුල් අවධානය යොමු කෙරිණි.


    ක්ෂේත‍්‍ර රැසක නව ආයෝජන සඳහා ඉඩ ප‍්‍රස්ථා රැුසක් අද ශී‍්‍ර ලංකාව තුළ පවතින බවත් ඒ සඳහා තමන් ජපාන ආයෝජකයින්ට ආරාධනා කරන බවත් ජනාධිපතිතුමා එහිිදී පැවසීය.
    ආයෝජකයින් ඇමතු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සඳහන් කළේ, ජපානය සහ ශ‍්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ ක්ෂේත‍්‍ර ගණනාවකදී සහයෝගයෙන් කටයුතු කරන අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරයත් සමග එම සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.
    ජපාන පාර්ලිමේන්තු, ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුෂි මහතා ද මෙම හමුවට එක්ව සිටියේය.


    ඉන් අනතුරුව ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ (JETRO) සභාපති හිරෝකි ඉෂිගේ (Hiroyuki Ishige) මහතා ද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.
    ජපාන වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන සේවාවන් සපයන ප‍්‍රමුඛ රාජ්‍ය ආයතනයක් වන ජෙට්රෝ ආයතනයේ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳව කරුණු දැක්වූ සභාපතිවරයා, එම කටයුතු ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.


    අනතුරුව ජනාධිපතිතුමාව හමුවූයේ ජයිකා ආයතනයේ සභාපතිි ෂිනිචි කිත ඕකා (Mr. Shinichi Kitaoka) මහතායි.


    ජයිකා ආයතනයේ සහයෝගයෙන් දැනට ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක සෙසු සංවර්ධන ව්‍යාපෘතිවල කි‍්‍රයාකාරිත්වය සහ ප‍්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්විය.


    ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ සෑම අවස්ථාවකම දේශීය ව්‍යාපාරවලට මුල්තැන දෙමින්, විදේශීය ආයෝජන කි‍්‍රයාත්මක කිරීම තම රජයේ ප‍්‍රතිපත්තිය බවයි. රටක් ලෙස රටේ ජනතාව දිරිමත් කළහැකි හා ඔවුන්ට ස්වෝත්සහයෙන් නැගී සිටිය හැකි ව්‍යාපෘතිවලට සහය වන ලෙස මෙහිදී ජයිකා ආයතනයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා, අද ශී‍්‍ර ලංකාවට වඩා වැදගත් වන්නේ පොදු ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය කුඩා සහ මධ්‍යම පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බව ද කියා සිටියේය.
    ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සහයවීමට ද මෙහිදී සභාපතිවරයා කැමැත්ත පළ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya