මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ටෝකියෝ නුවර නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය නිරික්ෂණ කරයි

    මාර්තු 14, 2018
     
    ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (14) පෙරවරුවේ ටෝකියෝ නුවර ෂිනගාවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
     
    නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින්, ඉතා පරිසර හිතකාමී අන්දමින් මෙහි කටයුතු සිදු කෙරෙන අතර එම කටයුතු ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.
     
    කසළ කළමනාකරණ ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස ජනනය වන තාප ශක්තිය විදුලි බලය බවට පත්කර, එම විදුලිය අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ භාවිතයට ගැනීමෙන් අනතුරුව ඉතිරිවන ප්‍රමාණය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම ද මෙහි විශේෂත්වයකි.
     
    පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා ( Kenichi Suganuma ) ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක,  පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ, යන මහත්වරු ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya