අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහභාගී වන ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙල අදයි

    මාර්තු 11, 2018

    ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙල අද (11) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පවැත්වෙයි.

    ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පවැත්වෙන සමාරම්භක උළෙල සඳහා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගීවීමට නියමිතය.

    ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතාගේ සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන සමුළුවට රටවල් රැුසක නායකයින් මෙන්ම නියෝජිතයින් 500 ක් පමණ
    එක්වීමට නියමිතය.

    ජනාධිපතිවරයා ඊයේ සමාරම්භක අවස්ථාවට සහභාගීවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.

    එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර කොට්ඨාශය භාර ලේකම් රුවිගන්ෂාම් මහත්මිය විසින් ගුවන්තොටුපළේදී ජනාධිපතිතුමා මහත්හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත්සිං මහතා සහ ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් චිත‍්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ද ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya