මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති ඇතුළු මැති ඇමැතිවරු මහනුවරට යයි - ජීවිත හා දේපළ හානිවලට වන්දි ගෙවිමට අගමැතිගෙන් උපදෙස්

    මාර්තු 10, 2018

    මහනුවර ප්‍රදේශයේ පවතින වත්මන් තත්ත්වය සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජයේ ඉහළ පෙලේ අමාත්‍යවරු පිරිසක් මහනුවර ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක්විය.

    අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, රුවන් විජයවර්ධන,රාවුෆ් හකීම්, මහනුවර පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් මහනුවර ප්‍රදේශයේ
    තත්ත්වය සොයා බැලීමට එක්ව සිටියි.

    සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැති බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි. හානියට පත්වූවන්ගේ දේපළ හා ජීවිත සඳහා හැකි ඉක්මනින් වන්දි ලබාදීමට අග්‍රාමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදී.

    අදාළ තක්සේරු කිරීම් ලබන සිකුරාදාට ප්‍රථම සිදු කිරීමට නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදුන් බවත් සිදුවීමෙන් හානියට පත් දේපළ සඳහා පූර්ණ,අර්ධ හ සුළු ලෙස වර්ග කරමින් වන්දි ලබාදීමට කටයුතු කිරීමට තීරණය කෙරුණු බවද මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya