නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදගම මහා විද්‍යාලයේ ඉදිකෙරුණු දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට

    මාර්තු 03, 2018

    "පිබිදෙමු පොළොන්නරුව" දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ දිඹුලාගල මැදගම මහා විද්‍යාලයේ ඉදිකෙරුණු දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල ඊයේ (2) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර සමරු ඵලකය නිරාවරණය කර දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

    අනතුරුව සංගීත අංශයේ සිසු දරුවන් විසින් ඉදිරිපත් කළ ගීතයක් රසවිදීමට ද එක්විය.

    ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කෙරිණි.

    ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුෂ්පකුමාර රණසිංහ, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රන්ජිත් ආරියරත්න, මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකර තුෂාර දන්තනාරායන, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්.වී.එම් සංජීවනි, උතුරු මැද සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ටී.කේ. ප්‍රියංකර යන මහත්ම මහත්මීන් සහ විදුහල්පතිනි සී.ආර්. පත්මිනි ස්වරණලතා මහත්මිය ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya