නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් වෙළඳ ගිවිසුම පදනම් කර ගනිමින් වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය

    මාර්තු 03, 2018

    මේ වසරේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු නිදහස් වෙළඳ ගිවිසුම පදනම් කර ගනිමින්, දෙරට අතර වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් (Hon. S. Iswaran) මහත්වරුන් අතර පැවති සාකච්ඡාවන්හි දී අවධාරණය කෙරිණි.


    සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ඇති කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් දායකත්වය සිංගප්පූරු රජයේ විශේෂ පැසසුමට ලක්වන බව ද ඊස්වරන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    02 වන දා උදෑසන සිංගප්පූරුවේ ෆෝ සීසන්ස් හෝටලයේ දී මේ සාකච්ඡාව පැවැත්විණි. නිදහස් වෙළඳ ගිවිසුමෙහි ප්‍රතිඵල ලෙස සිංගප්පූරු ව්‍යවසායකයින් ගණනාවක් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට අපේක්‍ෂාවෙන් සිටින හෙයින්, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරලීම උදෙසා කඩිනම් ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya