"පිබිදෙමු පොළොන්නරුව" දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සියලූ පහසුකම්වලින් සමන්විතව මෙම නව පංති කාමර ගොඩනැගිල්ල ඉදිකර තිබේ. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් ද මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.
සමරු ඵලකය නිරාවරණය කර පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීය. අනතුරුව විද්‍යාලයේ නැටුම් අංශයේ දරුවන් විසින් ඉදිරිපත් කළ නර්තනාංගයක් නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය. විදුහල්පති කේ. විෙජ්න්ද්රන් මහතා ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )