අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වංචාව සහ දූෂණය සදහටම රටෙන් තුරන් විය යුතුයි - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 06, 2018

    වංචාව සහ දූෂණය සඳහටම රටෙන් තුරන් විය යුතු බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂන් වාර්තාව හා බරපතල වංචා විමර්ශන වාර්තාව පිළිබඳව අද (6) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය. 

    මින් ඉදිරියට මෙවැනි විවාද නොපවැත්වෙන මට්ටමට රට තුළ අවශ්‍ය කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. දූෂණයට අලුත් ද පරණ ද කියලා වැඩක් නෑ. මේ තත්ත්වය රටට ඇති නොවිය යුතුයි කියලා ජනාධිපතිතුමා වංචාවට දූෂණයට විරුද්ධව දැඩි තීරණයක් ගන්න කටයුතු කර තිබෙන්නේ. රටම පක්ෂ භේදයෙන් තොරව වංචාවට දූෂණයට විරුද්ධව කටයුතු කිරීමට ප්‍රසාදය පළ කර තිබෙනවා. අපටත් යුතුකමක් තිබෙනවා, මේ කටයුත්ත තුළ දේශපාලන වාසි ලබගත යුතු නැ. නවීන තාක්ෂණය භාවිත කරලා, නිලධරීන්ගේ ගුණාත්මකභාවය ඉහළ දමලා රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතුයි. මහබැංකුවේ නීති රීති සංශෝධනය කළ යුතුයි. නව නීති රීති සම්පාදනය කළ යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya