මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය පනතකින් මහබැංකුව ප්‍රතිසංවිධානය ඇති කරන්න බලාපොරොත්තු වෙනවා

    පෙබරවාරි 06, 2018

    මූල්‍ය පනතකින් මහබැංකුව ප්‍රතිසංවිධානය ඇති කරන්න බලාපොරොත්තු වන බවත් දැනට අලුත් නීති කීපයක් සකස් කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    භාණ්ඩාගාර බැදුම්කර සිද්ධිය සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාව සහ බරපතල දූෂණ පිළිබඳ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් වූ  විවදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසිය.

    බැදුම්කර වාර්තාව දෙසැම්බර් 30 වැනිදා ජනාධිපතිතුමාට කොම්සාරිස්වරු විසින් බාර දුන්නා. සභාව රැස්විය යුතුයි කියා ඉල්ලීමක් තිබුණා. ජනවාරි 23 දින වාර්තා සභාවට ඉදිරිපත් කළා. පක්ෂ නායකයින් සාකච්ඡා කළා. වර්තා වාද කරන්න තීරණය කළා. පාර්ලිමේන්තුව වහාම කැදවන්න ඉල්ලීමක් කර තිබුණා. මැතිවරණ කොමසරිස්තුමා කිව්වා 8 වැනි දින විවාදය පැවැත්වුවහොත් ඡන්දය කල්දමන්න වෙයි කියලා. ඉන් පසුව යෝජනා කළා පක්ෂ නායකවරු කැඳවලා, අපට දින දෙන්න කිව්වා. යෝජනා කළා 6 වෙනිදා කදවන්න. මට තියෙන බලය පාර්ලිමේන්තුව කැඳවන්න විතරයි.

    භාණ්ඩාගාර බැදුම්කරය ගැන දැනට පියවර ගෙන තිබෙනවා. සාක්ෂි සටහන් කර ගෙන තිබෙනවා. උසාවියට ගිහින් තියෙනවා. සමහර සැකකරුවන් දැන් අත් අඩංගුවේ සිටිනවා. දෙවැනි කොමිෂම ගැන තව පියවර ගන්න තිබෙනවා. එම නඩු සහ අධිකරණ ක්‍රියාමාර්ගවලට අමතරව තවත් යෝජනා තිබෙනවා, මේ සභාවේ සළක බලන්න.

    එකක් තමයි, මහබැංකුවත් ඊට අදාළ නීති කීපයක් සංශෝධනය කරන්න. දැනට අලුත් නීති කීපයක් සකස් කරමින් යනවා, 2016 සිට මහබැංකුවට අලුත් පනතක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මූල්‍ය පනතකින් මහබැංකුව ප්‍රතිසංවිධානය ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. එය සකස් කරලා, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡ කරන්නම්. මුදල් පාලනය පාර්ලිමේන්තුවට අයිති කටයුත්තක්.

    පොදු මූල්‍ය කොමිටියක් ඇති කරලා, අලුත් පනතක් සම්මත කරන්න තිබෙනවා, පාර්ලිමේන්තුවේ අයවැය පරික්ෂා කිරීමේ කාර්යාලය ගැන.  නීති කීපයක් යෝජනා කර තිබෙනවා. සභාවට සළකා බලන්න වෙයි, ව්‍යවස්ථාවේ 81 වැනි වගන්තිය සංශෝධනය කරනවද නද්ද කියලා. ඒ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. නීතිපතිතුමාගෙන් ඉල්ලා සිටියා, කෝප් වර්තාව සම්බන්ධයෙන් ගත් පියවරත්. එය කතානයකතුමාට බාරදෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya