අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණ කිරීමට අවශ්‍යයි- අපේක්ෂා කරන යහපාලනය අප ක්‍රියාවෙන් ඉටු කළ යුතුයි

    පෙබරවාරි 06, 2018

    නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය බවත් යහපාලනයේ අප ගත් උත්සාහයේ ප්‍රතිඵල තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනානායක පවසයි.

    බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂන් වාර්තාව හා බරපතල වංචා විමර්ශන වාර්තාව පිළිබඳව අද (6) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

    යහපාලන මූලධර්ම ක්‍රියාත්මක වීම ගැන සතුට පළ කරනවා. සමාජය තුළ ප්‍රචණ්ඩත්වය, නාස්තිය දූෂණය ,සමාජගත වුණා. රටේ ආර්ථික සමෘද්ධිය ඇති කරන්න නොහැකි වුණේ පටු දේශපාලනය නිසයි. අප නව දේශපාලන සංකෘතියක් සඳහා 2015 ජනවරි 8 අත්තිවාරම දැම්මා. අපේක්ෂා කරන යහපාලනය අප ක්‍රියාවෙන් ඉටු කළ යුතුයි.

    අවුරුදු 70 පුරා ජනාතාව බලාපොරොත්තු වන්නේ සාධාරණත්වය සහිත දේශපාලනයක්. සියලුම දූෂණ ගැන සෙවිය යුතුයි දඬුවම් කළ යුතුයි. හැම මට්ටමින් දුෂණය ගැන කතා කරලා, දේශපලනය කිරීම අර්බුදයයි.  දුෂණය අඩු කරන එක යහපාලනයි. අපට නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍යයි. නායකයන් විනාශ කරන දේශපාලනය වෙනුවට නායකයන් තනන දේශපාලනයක් අවශ්‍යයි යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya