මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ වංචාවට, දූෂණයට විරුද්ධව පෙළ ගැසෙමු - අමාත්‍ය මහින්ද අමරවීර

    පෙබරවාරි 06, 2018

    කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න බලාපොරොත්තුවක් නෑ. අප රටට හා ජනතාවට අවංක වෙමු. රටේ වංචාවට දූෂණයට විරුද්ධව පෙළ ගැසෙමු. සියලු දෙනාට දඬුවම් ලබාදෙන්න ගන්නා පියවර ගැන රට තුළ ප්‍රසාදයක් තිබෙනවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂන් වාර්තාව හා බරපතල වංචා විමර්ශන වාර්තාව පිළිබඳව අද (6) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    මේ පැමිණිල්ල අල්ලස් කොමිෂමට මුලින් ඉදිරිපත් කළ රටේ මතයක් ගොඩ නගන්න අවස්ථාවක් ලැබුණා. පසුගිය කලය තුළ මටත් චෝදනා කළා,ඇමැතිකම් අරන් කට වැහෙනවා කියලා. තිබූ සම්ප්‍රදායන් වෙනස් කර තිබෙනවා. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සොයා බලන්න ජනාධිපති කොමිෂමක් පත් කළා. 2008 සිට මෙය සිදු වුණා කියනවා. කොයි කාලේ වුණත් හොරකමට වංචාවට විරුද්ධව කටයුතු කිරීමේ වගකීමක් තිබෙනවා.

    තවත් සිද්ධීන් ගණනාවක් හෙළිදරව් වෙනවා. පළමුවරට කෝප් වාර්තාවක් හමස් පෙට්ටියට යන්න දෙන්නේ නැතිව ජනාධිපතිතුමා කොමිෂමක් පත් කළා. පසුගිය කලේ පත් කළ ජනාධිපති කොමිෂන් වලට ගත් ක්‍රියා මාර්ගයක් නෑ.සියලු දෙනාට දඬුවම් ලබාදෙන්න ගන්නා පියවර ගැන රට තුළ ප්‍රසාදයක් තිබෙනවා. මේව කරන්නේ ඡන්දයක් ඉලක්ක කර නොවෙයි. කරන හොඳ වැඩේ අගය කරන්න. වැරැද්ද පෙන්වන්න. අපහාසාත්මකව කතා කිරීමෙන් බැහැර වෙන්න.

    ප්‍රජ අයිතිය අහෝසි කරන්න යනවා කියලා කියනවා. පාර්ලිමේන්තුවට ගෙනැල්ලා කිසිවෙකුගේ ප්‍රජ අයිතිය අහෝසි කරන්න කිසිම කැමැත්තක් නෑ. හොරකමක් දූෂණයක් කර තිබෙනවා නම් අධිකරණ ක්‍රියාවලිය වළක්වන්න අපි සූදානම් නෑ. වරදක් කර තිබෙනව නම් දඬුවම් දිය යුතුයි. එක් පුද්ගලයෙක් හෝ පක්ෂයක් ඉලක්ක කර සිදු කරන කටයුත්තක් නොවේ. මෙය රංගනයක් නොවේ. ජනතාව ඇන්දවීමක් නොවේ. ජනතාව ගන්නා තීන්දුව ගනියි.පුද්ගලයෙක් ඉලක්ක කර කටයුතු කරන්න අවශ්‍ය නෑ. කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න බලාපොරොත්තුවක් නෑ. අප රටට හා ජනතාවට අවංක වෙමු. මේ රටේ වංචාවට දූෂණයට විරුද්ධව පෙළ ගැසෙමු. ඒ සඳහා පක්ෂ අවශ්‍ය නෑ. එන අභියෝග ජය ගැනීමට එක්වෙමු යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya