මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යකඩ සපත්තුවට එදා අධිකරණය යට කර තිබුණා - මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

    පෙබරවාරි 06, 2018

    රට ඉදිරියට ගන්න නම් පවුල් වාදයෙන් ඉවත් විය යුතු බවත් යකඩ සපත්තුවට එදා අධිකරණය යට කර තිබුණු බවත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම රටේ පුරවැසියා බලපොරොත්තු වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂන් වාර්තාව හා බරපතල වංචා විමර්ශන වාර්තාව පිළිබඳව අද (6) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමයි රටේ පුරවැසියා බලපොරොත්තු වෙන්නේ. කෝප් සභාවේ බැදුම්කර වාර්තාව ඉදිරිපත් වුණාම, අගමැතිතුමාගේ මඟපෙන්වීම මත නීතිපති දෙපාර්තමේන්තුවට යැව්වා. මේකට ඉක්මනට ක්‍රියා
    කරන්න කිව්වා. ජනාධිපතිතුමා ජනාධිපති කොමිෂමක් පත් කළා.

    හොරු කියන අය පක්ෂවලත් ඉන්නවා. වෙනස ඇවිල්ලා,පසුගිය කාලයේ චෝදනා ඉදිරිපත් වුණාම, විමර්ශන නෑ.  පසුගිය වසර දහයේ දී ජනාධිපති කොමිෂන් තිබුණා. ඒ වාර්තා සියල්ල මහජනතාවට දෙන්න කියලා
    ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒවා පුරවැසියන්ට දැනගැනීමට සභාගත කරන්න. දැනට සමහර පුද්ගලයන්  අත් අඩංගුවට ගෙන තිබෙනවා.


    2015 වසරේ දී පම්ණක් නොවේ 2008 සිට බැදුම්කර දූෂිත වලල්ල සොයන්න කියලා.චෝදනා දිගටම තිබිලා  තිබෙනවා. මේවා ගැන සොයා බලන්න අවශ්‍යයි.පසුගිය කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කළාද? අත්
    අඩංගුවට ගත්තද? කිසිවක් වුණේ නෑ. අපි වෙනසක් ඇති කළා. එදා අධිකරණයට ඉඩ දුන්නේ නෑ. එදා යකඩ  සපත්තුවට අධිකරණය යට කර තිබුණා. එදා පාර්ලිමේන්තුවත් යකඩ සපත්තුවට යට කරන්න ලෑස්ති වුණා.රට
    ඉදිරියට ගන්න නම් පවුල් වාදයෙන් ඉවත් විය යුතුයි.

    රටට වෙන පාඩුව වැඩියි. සුදුසු අයත් නොවෙයි. එවැනි අය එදා වරප්‍රසාද ගත්තා.ගුවන් සේවාව පුද්ගලික ගමනකට හරවා ගැනීම කොච්චර වැරදිද? මේවා මිලකින් ගණනය කරන්න බෑ. ගුවන් සමාගමේ කීර්ති නාමයට වෙන
    හානිය සිතන්න ඕන යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya