අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර (විදේශීය ධීවර බෝට්ටු විදිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

    ජනවාරි 23, 2018
    1979 අංක 59 දරණ ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) පනත සංශෝධනය සඳහා වු කෙටුම්පත හෙට (24) පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
     
    විශේෂයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී සිදු කරන නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම මෙන්ම අප රටට අයත් මුහුදු තීරයේ ධීවර හා ජලජ සම්පත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පනත සංශෝධනය කෙරේ. ඒ යටතේ මෙතෙක් එම පනතේ තිබු වගන්ති ගණනාවක් සංශෝධනය කර තිබේ. අත් අඩංගුවට ගනු ලබන ධීවර යාත්‍රා සම්බන්ධයෙන් වන දඩමුදල නව සංශෝධන යටතේ ඉහළ නංවා ඇත. මෙතෙක් පනවා තිබු ලක්ෂ 15ක දඩය රු.මි. 175ක් දක්වා වැඩි කෙරෙන අතර අදාල නීතිමය කටයුතු ධීවර යාත්‍රා අත් අඩංගුවට ගෙන මාසයක් තුළ අවසන් කිරීමට නියමිතය.
     
    එමෙන්ම අත්ඩංගුවට පත් වු යාත්‍රාව සම්බන්ධයෙන් ඒ රටේ කොන්සල්වරයා වෙත හැකි ඉක්මනින් ධීවර දෙපාර්තමේන්තුව විසින් දැනුම් දිය යුතුය. එමෙන්ම නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී අත්අඩංගුවට පත් ධීවර යාත්‍රාවේ අයිතිකරු අධිකරණය වෙත ඉදිරිපත් විය යුතුය.
     
    නව සංශෝධන යටතේ අදාල දඩමුදල දිගින් මීටර් 15ට අඩු යාත්‍රා සඳහා රු.මි. 05ක්ද, මීටර් 15-24ත් අතර ධීවර යාත්‍රා ස‍ඳහා රු.මි. 20ක් ද, මිටර් 24-45 ධීවර යාත්‍රා සඳහා රු.මි. 100ක්ද, මීටර් 45-75ත් අතර ධීවර යාත්‍රා සඳහා රු.මි. 150ක් ද මීටර් 75ට වඩා වන ධීවර යාත්‍රා සඳහා රුපියල් මිලියන 175 දක්වා ද දඩයක් නියම කළ හැකිය.
     
    එමෙන්ම අප රටේ මුහුදු තීරයට ඇතුල් වන බලපත්‍ර රහිත ඕනැම ධීවර යාත්‍රාවක් එම යාත්‍රාවේ දිග අනුව අදාල බලපත්‍ර ගාස්තුව රු.7,50,000 සිට රු.මි. 3-150 දක්වා වැඩි කිරීමට ද හෙට ඉදිරිපත් කෙරෙන පනත් සංශෝධන යටතේ දක්වා ඇත.
     
    ශ්‍රී ලංකා මුහුදු තීරයට බහුල වශයෙන් නීති විරෝධීව ඇතුළුවන ධීවර යාත්‍රා වන්නේ දකුණු ඉන්දීය ධිවර යාත්‍රායි. සාමාන්‍යයෙන් සතියකට දින තුනක් එම ධීවර යාත්‍රා බහුල වශයෙන් අප මුහුදු සීමාවට ඇතුළු වී නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වෙයි. මේ සම්බන්ධව ඉන්දීය රජය පවා මැදිහත්ව විසදුම් ලබා දීමට කටයුතු කරමින් සිටින අතර තමිල්නාඩු ධීවර යාත්‍රා දිගින් දිගටම අප රටේ මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කර්මාන්තයේ යෙදෙති.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya