මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැදුම්කර වාර්තා පාර්ලිමේන්තුවට - විමර්ෂණ වාර්තා සම්බන්ධයෙන් සාවද්‍ය මත සමාජ ගත වීම සුදුසු නෑ

    ජනවාරි 23, 2018

    මහබැංකු බැදුම්කර වාර්තාව හා බරපතල අපරාධ විමර්ෂණ වාර්තා සම්බන්ධයෙන් සාවද්‍ය මත සමාජ ගත වීම සුදුසු නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මහබැංකු බැදුම්කර වාර්තා සහ බරපතල වංචා දූෂණ,රාජ්‍ය සම්පත්,වරප්‍රසාද,බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් පාර්ලිමේන්තුවට ලබාගැනීම සම්බන්ධයෙන් වූ
    ක්‍රියාවලිය පිළිබඳව කරුණු පැහැදිළි කරමින් කතානායකවරයා මෙසේ පැවසීය.

    එකී වාර්තා පාර්ලිමේන්තුවට ලැබී ඇති බවත් වාර්තා පිටු ප්‍රමාණය අතිවිශාල වුවත්,මහබැංකු බැදුම් කර වාර්තාව හා මන්ත්‍රීවරුන්ට ලැබෙන ආකාරයට මුද්‍රණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබේ. තවද වාර්තා සී ඩී තැටි මඟින් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත. මහබැංකු බැදුම්කර වාර්තාව හා බරපතල අපරාධ විමර්ෂණ වාර්තා සම්බන්ධයෙන් සාවද්‍ය මත සමාජ ගත වීම සුදුසු නොවන බවද පැවසූ කතානායකවරයා බැදුම්කර වාර්තා පාර්ලිමේන්තුවට ලබාගැනීම සම්බන්ධව පසුගිය දිනවල පාර්ලිමේන්තුව සිදු කළ ක්‍රියාවලිය පැහැදිළි කළේ ය.

    සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් බැදුම්කර වාර්තාව සහ බරපතල වංචා දූෂණ,රාජ්‍ය සම්පත්,වරප්‍රසාද,බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශන වාර්තා අද (23) සභාව
    වෙත ඉදිරිපත් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya