අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු දිස්ත්‍රික්කය දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය කිරීමේ සැලසුම්

    ජනවාරි 22, 2018

    ගාලූ දිස්ත්‍රික්කයේ දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත් කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඇල්පිටියේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසී ය.


    අප භාරගත්තේ ආර්ථිකය කඩා වැටුණු රටක්.නමුත් ආණ්ඩුව කඩා වැටුනේ නැහැ. රටේ ආර්ථිකයත් ස්ථාවර කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ සඳහා වසර 2 ක් ගත වුණා. 2016 වසර සම්පූර්ණයෙන්ම ගත වූයේ ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කිරීමටයි. ඒ වෙනුවෙන් වැට් බදු වැඩි කිරීමට සිදු වුණා.දැන් අප ලබාගන්නා ණය ප්‍රමාණය අඩු කිරීමට හැකියාව තිබෙනවා.

    සංචාරක කර්මාන්තය දියුණු වෙමින් තිබෙනවා. ජි.එස්.පි ප්ලස් බදු සහනය හරහා ක්‍රමානුකූලව අපේ අපනයන  ආදායම වැඩි වෙනවා. මේ වසරේදී ඩොලර් කෝටි 150 ක ආයෝජන අපේ රටට ලැබී තිබෙනවා. අඩක් අවසන්
    කළ යටිතල පහසුකම්, ජල යෝජනා ක්‍රම ආදී බොහෝ දේ තිබුණා. ඒ සඳහා මුදල් ගෙවීමට අපට සිදුවුණා. නැව්  නැති හම්බන්තොට වරාය වෙනුවෙන් අපි ණය වී සිටියා. අප එය නව සමාගමකට බදු දුන්නා. ඒ අනුව ණය
    ගෙවීමට අවශ්‍ය ඩොලර් කෝටි 110 ක මුදලක් අපට ලැබුණා. තවත් ඩොලර් කෝටි 60 ක් අලූතින් ආයෝජන  කිරීමට නියමිතයි.

    තව කෙටිකාලයක් යන විට මත්තල ගුවන් තොටුපලත් ඵලදායී තත්ත්වයකට ගෙන එනවා. 2003 වසරේදී මා සැලසුම් කරන ලද මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

    දැන් එහි වැඩකටයුතු කරගෙන යනවා. එවිට මහනුවර සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට හොඳ මාර්ග  පද්ධතියක් තිබෙනවා. පැය තුනහමාරකින් ඒ ගමන යෑමට හැකියාව ලැබෙනවා. කර්මාන්තකරණය සංචාරක  කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කරන්නේ මේ මාර්ග පද්ධතිය කේන්ද්‍ර  කරගෙනයි.

    මහනුවර කර්මාන්ත කලාපයක්, වයඹකර්මාන්ත කලාප දෙකක් කළුතර කර්මාන්ත කලාපයක්, හම්බන්තොට කර්මාන්ත කලාපයක්, හම්බන්තොට කර්මාන්ත කලාප 6 ක් හෝ 7 ක් ඇති කරනවා. මේ දියුණුව එම ප්‍රදේශවලට පමණක් සීමා කර නැහැ. ගාලූ දිස්ත්‍රික්කයේ දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත් කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව දේද්දුව සංචාරක කලාපය අක්කර 1800 ක පමණ විශාලත්වයකින් යුතුයි. මුදල් තිබෙන සංචාරකයින් එහි ගෙන්වා ගැනීම අපේ අරමුණයි.

    කොහිල වගුර, අකුරල කේන්ද්‍ර කරගනිමින් සංචාරක කලාප බිහි වෙනවා. මේ හරහා විශාල පිරිසකට ජීවනෝපාය මාර්ගයන් සැලසෙනවා. එවිට සංචාරකයන්ට මහනුවරටම යාමට අවශ්‍ය වන්නේ නැහැ. දෙණියාය, රක්වාන, මෝනිං සයිඩ් ප්‍රදේශවලටත් සංචාරකයින් ගෙන්වා ගැනීමේ සැලසුම් තිබෙනවා.ගාලූ නගරයේ ගොඩනැගිලි තවත් දියුණු කළ යුතුයි. කොග්ගල  තවත් සංචාරක පුරවරයක් ඉදි වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya