අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී කෙටි කාලයක් තුළ නඩු විභාග කිරීමට නව නීතියක් - අගමැති

    ජනවාරි 22, 2018
    අධිකරණ අමාත්‍ය තලතා මහත්මිය සමඟ සාකච්ඡා කොට මාස 6ක් යාමට පෙර නඩු විභාග කර අවසන් තීන්දුවක් ලබාදීමට හැකියාව ලැබෙන ආකාරයෙන් නව නීතියක් සකස් කොට ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ නඩු තීන්දු ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ඇල්පිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.
     
    "මෙම නව නීතියට අනුව නීතිපතිතුමාට ඍජුවම මහාධිකරණයට නඩුව යොමු කිරීමේ හැකියාව තිබෙනවා. එම නඩුව විභාග කරන්නේ එක් විනිශ්චයකරුවෙක් නෙවෙයි. ඒ සඳහා විනිශ්චයකරුවන් තිදෙනකු සිටිනවා. ඔවුන් තිදෙනා දිනෙන් දින නඩු විභාගයට ගත යුතුයි. මේ ආකාරයට කටයුතු කරනවා නම් මාස 3 ක් හෝ 6 ක් ලෙස නඩු කල්දැමිය නොහැකියි. නඩු විභාග සඳහා තීන්දුවක් ලැබෙන තුරු වසර 10 ක් පමණ බලා සිටීමට දැන් අවශ්‍ය වන්නේ නැහැ. දූෂිතයන් අල්ලාගැනීම පමණක් නොව ඔවුන්ට නඩු දැමීමෙන් පසුව ඉක්මනින්ම දඬුවම් දීමේ හැකියාවත් මේ අනුව ලැබෙනවා. ඉක්මනින් දූෂිතයින්ට දඬුවම් දීම සඳහා මෙතෙක් කල් තිබූ බාධකය තලතා අතුකෝරල මහත්මිය මේ ආකාරයට ඉවත් කළ බව පැවසිය යුතුයි" යැයි ද පැවසීය. 
     
    "හොරු ඇල්ලීම සහ නඩු පැවරීම සම්බන්ධයෙන් තවත් බාධක ගණනාවක් තිබෙනවා. නඩු භාණ්ඩ වැඩිවන විට නඩු සංඛ්‍යාවත් වැඩි වෙනවා. මේ සඳහා වෙනම ඒකකයක් ඇති කළ යුතු බවට අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමා යෝජනා කළා. තලතා අතුකෝරල අමාත්‍යතුමිය නීතිපතිතුමා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරමින් දැන් වෙනම ඒකකයක් පිහිටුවා තිබෙනවා. එම නීතිඥ කණ්ඩායම් හරහා නඩු ඉක්මනින් ඉවර කිරීමේ හැකියාව අපට ලැබෙනවා".  
     
    "2016 වසර සම්පූර්ණයෙන්ම ගත වූයේ ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කිරීමටයි. ඒ වෙනුවෙන් වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. දැන් අප ලබාගන්නා ණය ප්‍රමාණය අඩු කිරීමට හැකියාව තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු වෙමින් තිබෙනවා. ජි.එස්.පි ප්ලස් බදු සහනය හරහා ක්‍රමානුකූලව අපේ අපනයන ආදායම වැඩි වෙනවා. මේ වසරේදී ඩොලර් කෝටි 150 ක ආයෝජන අපේ රටට ලැබී තිබෙනවා". 
     
    "මහනුවර කර්මාන්ත කලාපයක්, වයඹ කර්මාන්ත කලාප දෙකක් කළුතර කර්මාන්ත කලාපයක්, හම්බන්තොට කර්මාන්ත කලාපයක්, හම්බන්තොට කර්මාන්ත කලාප 6 ක් හෝ 7 ක් ඇති කරනවා. මේ දියුණුව එම ප්‍රදේශවලට පමණක් සීමා කර නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත් කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව දේද්දුව සංචාරක කලාපය අක්කර 1800 ක පමණ විශාලත්වයකින් යුතුයි. මුදල් තිබෙන සංචාරකයින් එහි ගෙන්වා ගැනීම අපේ අරමුණයි. කොහිල වගුර, අකුරල කේන්ද්‍ර කරගනිමින් සංචාරක කලාප බිහි වෙනවා. මේ හරහා විශාල පිරිසකට ජීවනෝපාය මාර්ගයන් සැලසෙනවා. එවිට සංචාරකයන්ට මහනුවරටම යාමට අවශ්‍ය වන්නේ නැහැ. දෙණියාය, රක්වාන, මෝනිං සයිඩ් ප්‍රදේශවලටත් සංචාරකයින් ගෙන්වා ගැනීමේ සැලසුම් තිබෙනවා" යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    - DB -

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya