අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඔස්සේ ශී‍්‍ර ලංකාවට සහාය

    ජනවාරි 21, 2018

    ශී‍්‍ර ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඔස්සේ සහය ලබාදීමට අපේක්ෂා කරන බව තායිලන්ත රජය පවසයි.

    අද (21) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවූ ශී‍්‍ර ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චට්සුවාන් මහත්මිය මේ පිළිබඳ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා දැනුවත් කරනු ලැබුවාය.

    පසු අස්වනු තාක්ෂණය, කෘති‍්‍රම වැසි මගින් ජල සම්පාදනය ඇතුළුව කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය භාවිතය පිළිබඳ වැඩසටහන් හඳුන්වාදෙමින් මෙම සහයෝගීතා වැඩපිළිවෙළ ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ද තානාපතිනිය සඳහන් කළාය.

    විශේෂයෙන්ම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තායිලන්ත රජය සමග ගොඩනගාගෙන තිබෙන මිත‍්‍රශිලී සහ හෘදයාංම මිතුදම සංකේතවත් කරමින් තායිලන්ත රජතුමාගේ උපදෙස් පරිදි මෙම සහය ශී‍්‍ර ලංකාවට ලබාදෙන බව ද තානාපතිනිය සඳහන් කළාය.

    ශී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ආරම්භ කර වසර හැටක් සපිරිම නිමිත්තෙන් තායිලන්ත රජයේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 2015 නොවැම්බර් මාසයේදී තායිලන්තයේ සංචාරයක නිරත විය.

    අනතුරුව 2016 ඔක්තෝබර් මාසයේදී තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපතිතුමා තායිලන්තයේ සිව් දින නිල සංචාරයක නිරත වූ අතර, ඉන් මසකට පසු තායිලන්තයේ භූමිභොල් අදුල්යාද් රජතුමාගේ අභාවය සිදුවූයෙන් රජතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ද ජනාධිපතිතුමා නැවත වරක් තායිලන්තයට පැමිණියේය.

    එසේම ඉන්පසු පැවති රජතුමාගේ ආදාහන උත්සවය වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජයේ විශේෂ නියෝජිතයෙකු සහභාගිී කරවීමට ද ජනාධිපතිතුමා පියවර ගත්තේය.

    මෙම සංවේදී මිත‍්‍රශීලිභාවයට කෘතගුණ සැලකිමක් ලෙස තායිලන්තයේ හිටපු රජු වන අභාවප‍්‍රාප්ත භූමිභොල් අදුල්යාද් රජතුමා අරඹන ලද ව්‍යාපෘති ශී‍්‍ර ලංකාව දක්වා ව්‍යාප්ත කිරීමට තායිලන්තයේ වත්මන් රජුවන වජිරා ලොන්ග්කොන් රජු පියවරගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya