මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැමදා සිටින්නේ රටේ ජනතාව සමගයි - ජනපති

    ජනවාරි 22, 2018
    ජාති, ආගම්, වර්ණ බේදයෙන් තොරව මේ රටේ සියලු ජනතාව එක්ව තමා ජනාධිපති ධුරයට පත්කරගත්තේ නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් මෙන්ම පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳ අසීමිත අපේක්ෂා පෙරදැරිව බව පැවසූ ජනාධිපතිතුමා සැමදා ජනතාව සමග කටයුතු කරමින් එම අභියෝග ජය ගන්නා බව ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (21) පස්වරුවේ මඩකලපුව ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
     
    සංවර්ධනයෙන් අතපසු වූ මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය වේගවත් කරමින් ජනතා ගැටලු විසඳීම සඳහා තමා සමග කටයුතු කිරීමට නව සංවිධානයක් දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කරන බව ද මෙහිදී ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    රට ඉදිරියට ගෙන යාමට සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ජාති, ආගම් බේදයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැඳගන්නා ලෙස ද මෙහිදී ජනතාවට ආරාධනා කළ ජනාධිපතිතුමා රටේ ජනතාවගේ මුදල් සොරා කෑ කිසිවෙකුට ජනතාව සමාව නොදිය යුතු අතර ඒ කිසිවෙකුට සමාව දීමට තමා ද සූදානම් නොමැති බව අවධාරණය කළේය.
     
    - DB - 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya