මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව මත විශ්වාසය තබා වංචාවට එරෙහිව දැඩි තීන්දු තීරණ - ජනපති

    ජනවාරි 15, 2018
    වංචාව දුෂණය පිටුදැකීමට සහ වංචා දූෂණ සිදුකරන අයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගැනීමට තමන් කටයුතු කරන්නේ මේ රටේ මහජනතාව  පිළිබඳ විශ්වාසය තබමින් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) හෝමාගම පැවැති උත්සවයකට එක්වෙමිනි.
     
    සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී රටේ ජනතාව වෙනුවෙන් ගත් දැඩි තීන්දු තීරණ හේතුවෙන් දුම්වැටි සමාගම් ඇතුළු බහුජාතික සමාගම් රැසක් තමා සමග අමනාප වූ බවත්, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළවෙළ හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද තමන්ගේ සතුරන් බවට පත්වූ අතර අද වංචාවට, දූෂණයට එරෙහිව කොමිෂන් සභා පත් කරමින් සිදු කරන්නේ ද පහසු කාර්යයක් නොවන බව  ජනාධිපතිතුමා කියා සිටියේය.
     
    එහෙත් මේ රටේ ජනතාව තමන් සමග සිටින බව තමා විශ්වාස කරන බව පැවසූ ජනාධිපතිතුමා එම ජනතා විශ්වාසයත් සමග රට වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කළේය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya