අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්ත කලාප තුළින් විශාල දියුණුවක් ඇති වෙනවා- අගමැති

    ජනවාරි 15, 2018

    කර්මාන්ත කලාප ඇති කිරීමෙන් විශාල දියුණුවක් ඇති වන බවත් දුම්මලසූරිය, බිංගිරිය, මාදම්පේ යන ත්‍රිකෝණය අතර මෙම දියුණුව ඇති කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පසුගිය දා සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    එසේම ඉරණවිල ඇමරිකන් හඬ ආයතනය පිහිටා තිබූ ඉඩමේ සංචාරක කලාපයක් ආරම්භ කිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදු කෙරෙන බවත්  එහි පැමිණෙන විදේශිකයන්ට මෙම ප්‍රදේශයටත් පැමිණිය හැකි වන පරිදි ඒ සඳහා නව මහාමාර්ගයක් ද ඉදිකරන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව මෙම ඉරණවිල, බිංගිරිය කේන්ද්‍ර කර ගනිමින් අනෙක් සියලු ප්‍රදේශවල දියුණුව ඇති වන බව පෙන්වා දුන් ඒ මහතා ඒ අනුව පැරණි මාදම්පන රාජධානිය වැනි නව ආර්ථික රාජධානියක් ඇති කිරීමට  හැකි වන බව ද සඳහන් කළේය.

    මේ වන විට රටේ ආර්ථික ස්ථාවර තිබෙන අතර ණය ලබාගැනීමට හැකි පරිදි රටේ ආදායම වැඩිකර ගත් බවත් ණය ගෙවීමටත් රටේ පරිපාලනයට මුදල් වෙන් කිරීමටත් හැකි ආර්ථිකයක් නිර්මාණය කර  ගැනීමට හැකි වී තිබෙන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    නිෂ්පාදන, කර්මාන්ත, සංචාරක ආදී ක්ෂේත්‍ර දියුණු කරමින් ජාතික දළ දේශීය නිෂ්පාදනය තුන්-හතර ගුණයක් දක්වා වර්ධනය කර ගත යුතු අතර කර්මාන්ත කලාප, සංචාරක කලාප, තොරතුරු තාක්‍ෂණය, මූල්‍ය නගරය ආදිය අවශ්‍ය වන්නේ එම විශාල සංවර්ධනය ඇති කිරීමට බවත් එම කලාප ඇති කිරීමට පෙර ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දිය යුතු අතර ඒ සඳහා පළමුවෙන්ම මහනුවර – හම්බන්තොට අතර ප්‍රදේශය හඳුනාගත් බවත් අගමැතිවරයා සඳහන් කළේය.

    "බස්නාහිර, වයඹ, ගාල්ල, මාතර, හම්බන්තොට ආදී ප්‍රදේශවල යම් තරමක යටිතල පහසුකම් ප්‍රමාණයක් ඇතිව තිබුණා. හම්බන්තොට වරාය ක්‍රියාත්මක කිරීමට අපට හැකි වුණා. ගුවන්තොටුපලත් අපට ක්‍රියාත්මකකරවීමේ තත්ත්වයට පත් කර ගැනීමට හැකි වුණා. මධ්‍යම අධිවේගී මාර්ගයට මුදල් ලබා දෙමින්, මහා මාර්ග දියුණු කරමින් මහනුවර සිට හම්බන්තොට කලාපය වෙළඳ කලාප, කර්මාන්ත ආදීය ඇති කිරීමට සරිලන ආකාරයට යටිතල පහසුකම් වලින් සමන්විත කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. පසුගිය අය වැයේ  ආයෝජකයින්ට දිරිගැන්වීම්ද අප සිදු කළා. දැන් අප රට තුළට ආයෝජකයින් ගෙන ආ යුතුයි.

    ඉරණවිල සංචාරක කලාපයක් මෙම ප්‍රදේශය කර්මාන්ත කලාපයක් කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් මාස් සමාගමේ ආයතනයක් ආරම්භ කිරීමට අපට හැකියාව ලැබුණා. දොඩම්ගස්ලන්ද ප්‍රදේශය කර්මාන්ත කලාපයක් ඉදිකිරීම වෙනුවෙන් හඳුනා ගැනීමට අපට හැකි වුණා. අනෙක් කර්මාන්ත කලාපය සඳහා ගලගෙදර ප්‍රදේශයේ ඉඩම් සොයාගැනීමේ කටයුතු දැන් සිදු කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගය හරහා කුලියාපිටියත්, කුරුණෑගලත් නගර දියුණුවට පත් වෙනවා. කුරුණෑගල නගරය තවත් පුළුල් කරමින් කුරුණෑගල සඳහා තවත් ජාතික පාසැල් දෙකක් ලබාදීමටත් අපි පොරොන්දු වී තිබෙනවා යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya