අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2008 සිට සිදු වූ බැදුම්කර සිදුවීම් සොයාබැලීමට කටයුතු කරන්න - මන්ත්‍රී එස්.එම්.මරික්කාර්

    ජනවාරි 10, 2018

    වත්මන් ආණ්ඩුව බැදුම්කර සිද්ධිය විමර්ශනය කළ ලෙසටම 2008 සිට සිදු වූ බැදුම්කර සිදුවීම් සොයාබැලීමට කටයුතු කළ යුතු බවත් ඉතාම සැලසුම් සහගත ලෙස ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේ විවාදය කඩාකප්පල් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ,අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අද බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් අඳහස් දක්වමිනි.

    බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී විවාදය කරන්න ලබාදුන්නා. ජනාධිපති කොමිෂම වාර්තව ලැබුණාම එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා තුන්වැනිවරටත් අවස්ථාවක් ලබාදුන්නා. බැදුම්කර වාර්තාව
    සභාගත කරන්න සතියක් ගත වෙන බව කිව්වා.  ඉතාම සැලසුම් සහගත ලෙස ඒකාබද්ධ විපක්ෂය අද විවාදය කඩාකප්පල් කළා. පාර්ලිමේන්තුවේ කටයුතු කඩකප්පල් කිරීමට කටයුතු කළා. මේ විවාදයේ දී මතු
    වෙන්න බොහෝ කාරණා තිබුණා. මේ බැදුම්කර වාර්තාවේ කියැවෙනවා, ඊ.ටී.එෆ් එකේ බැදුම්කර නිකුතුවේදී  2008 සිට කාලය තුළ වැඩිම පාඩුව සිදු වුණා කියලා. ඇස්තමේන්තුගත කර ඇති පරිදී රුපියල් බිලියන 4000ක්
    පමණ පාඩුවක් වී තිබෙනවා.

    එක්සත් ජාතික පක්ෂය ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, අපේ ආණ්ඩුව කාලේ සිදු වූ දෙයට අපේ ආණ්ඩුව කලයේ පරීක්ෂණ කළා වගේ,මේ බැදුම්කර කොමිෂමේ ම නිලධාරීන් දාලා, රුපියල් බිලියන 4000කට
    ආසන්න වූ, පසුගිය කාලයේ 2008 සිට සිදු වූ බැදුම්කර සිදුවීම් සොයන්න කියලා.

    රුපියල් බිලියන 11.46ක මුදල අයකරගන්න කියලා නිර්දේශ තිබෙනවා.මේ වනවිටත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් රුපියල් බිලියන 12ක් බැන්කුවල හිරකර තිබෙන්නේ.අධිකරණ ක්‍රියාමාර්ගයෙන් අනතුරුව ඕනම වෙලාවක රජයට අයකරගන්න පුළුවන්. 2008 සිට බැදුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව අයකරගන්නේ කාගෙන්ද කියලා ජනාධිපතිතුමා මෙවැනි කොමිෂමක් දාලා, රටට කිව්වාම, කාගෙන්ද අයකරන්න ඕන කියලා
    හෙළි වෙයි. පරීක්ෂණ අඩියට ඇවිත් තියෙන්නේ. මේ වනවිට බරපතල අපරාධ විමර්ශනයේ නිර්දේශ 34ක් ජනාධිපතිතුමාට බාර දී තිබෙනවා. මෙය හෙළි කරන්න.කොපමණ පාඩුවක් වී තිබෙනව ද? බැදුම්කරය වගේම
    රටට හෙළි කරන්න. දූෂණයට මුදල් අවභාවිතයට අප විරුද්ධයි.


    මෙහිදී අඳහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා; පාර්ලිමේන්තුව පහර ගහගන්නා තැනක් නොවේ. ඒකාබද්ධ විපක්ෂයේ හැසිරීම පිළිකුල් සහගතයි.අපටත් බැදුම්කර වාර්තාව ගැන දැනගැනීමට
    වුවමනාවක් තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya