අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැදුම්කර විමර්ශන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සතියක් තුළ ලැබෙනවා

    ජනවාරි 10, 2018

    බැදුම්කර සිදුවීම සම්බන්ධව විමර්ශනය කළ ජනාධිපති කොමිෂමේ වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සතියක් තුළ ලැබෙන බව තමා වෙත දන්වා ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ''මහබැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳව විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යතුමා මේ වෙත ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව රැස්වීමේ කටයුතු පිළිබඳව තීරණ ගැනීම සඳහා ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ පරිදි, ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ,රාජ්‍ය සම්පත්,වරප්‍රසාද,බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තා 34ක පිටපත් ඉල්ලා සභානයක ලේකම් විසින් අතිගරු ජනාධිපති ලේකම් වෙත ලිපියක් යවා ඇත. එකී වාර්තාව පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුව ඒවා නීතිපති,ශ්‍රී ලංකා මහබැංකුව,අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත යොමු කරන බවටත් තවත් සතියකින් පමණ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ලබාදෙන බවටත් අතිගරු ජනාධිපතිතුමන් විසින් දන්වා ඇති බව දැනුම් දීමට කැමැත්තෙමි.'' යැයි කතානායකවරයා පැවසීය.

     

    හදිසි පක්ෂ නායක රැස්වීමක් සඳහා සභාවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව යළි සභාවේ කටයුතු  ආරම්භ විය. එහිදී ආරම්භයේ දී සභාව ඇමැතූ කතානායකවරයා 2015 පෙබරවාරි මස පළමු දින සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පත් කරන ලද කොමිෂමේ වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරය වෙත එවන ලද ලිපිය සභාවට ඉදිරිපත් කළේ ය.


    ඉහත සඳහන් වාර්තාවේ පිටපත් 26ක් ද බරපතල වංචා දූෂණ,රාජ්‍ය සම්පත්,වරප්‍රසාද,බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් 34ක් පිළිබඳව ගත යුතු පියවර
    පිළිබඳව නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව නිකුත් කළ ලිපියේ සඳහන් වෙයි.

    ''එතුමා විසින් 2018 -01-08 දාතමින් මා වෙත එවන ලද පිළිතුරු මාගේ කාර්යාලයට ඊයේ පෙ.ව. 9.00ට ලැබුණි. මා හට ගරු නීතිපතිතුමාගෙන් ලැබුණු උපදෙස වී ඇත්තේ, වාර්තාවේ සඳහන් වන නිර්දේශ අදාළ නීතිරීති හා ක්‍රියා පිළිවෙත් අනුව ක්‍රියාවට නැංවීම සළකා බැලීම සඳහා වාර්තාවේ හඳුනාගත් නිලධාරීන්/ ආයතන වෙත මෙකී වාර්තාව සහ අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතු බවය.තවද නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ නීති හා ක්‍රියාපිළිවෙත් පරිදි ගත යුතු පියවර ගරු නීතිපතිතුමා විසින් ගන්නා බවද එම ලිපියෙන් සහතික වී ඇත.

    මෙම උපදෙස් පරිදි අද දින පෙරවරුවේ මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි මහතාටත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතාටත් වාර්තාවේ පිටපත් දෙකක්
    පෞද්ගලිකවම භාර දෙන ලදී.

    එම වාර්තාව නිකුත් කළ හැක්කේ අතිගරු ජනාධිපතිතුමාගේ අභිමතයට යටත්ව බවයි. එහෙයින් මවිසින් අතිගරු ජනාධිපතිතුමාගෙන් විමසන ලදුව 2018-01-17 දින වනවිට බැඳුම්කර කොමිෂමේ වාර්තාවේ පිටපත් 26 පාර්ලිමේන්තුව වෙත ලබාදීමට එතුමා මා වෙත නියෝග කරන ලදී. ඒ අනුව මවිසින් ක්‍රියා කරනු ඇත.''


    නීතිපතිතුමාට සහ ජනාධිපති ලේකම්තුමාට අද කතා කළා. මෙම රැස්වීම කැඳවීම සඳහා පක්ෂ තුනකින් ඉල්ලීමක් කළාම දිනයක් නියම කළා. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරන්නට යැදෙනවා.පාර්ලිමේන්තුවේ උත්තරීතර බව අදත් සඳහන් කළා. වාර්තා කැබිනට් මණ්ඩලයට ද යා යුතුයි.ඉතාම ඉක්මනින් මෙය ලබාදීමට කටයුතු කරන්නම් යැයි සභාව අමතමින් කතානායකවරයා තවදුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya