අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් හොඳ ආදර්ශයක් රටට ලබා දුන්නා

    ජනවාරි 10, 2018

    ඉතිහාසයේ කිසිදු කලෙක නොතිබූ පරිදි ඉතාම විවෘතභාවයකින් යුක්තව බැදුම්කර සිදුවීම විසඳීමට ජනාධිපතිවරයා කොමිසන් සභාවක් පත් කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු අංක 1 හි පැවැති මාධ්‍ය හමුව අමතමින් ඇමැතිවරයා මේ බව අද (10) ප්‍රකාශ කළේය.

    බැඳුම්කර සිද්ධිය හේතුවෙන් රජයට අහිමි වූ මුදල සිද්ධියට අදාළ වූවන්ගෙන් අය කර ගැනීමට පියවර ගැනීමට  කටයුතු කරනවා. දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව රජයට අහිමි වූ මුදල අය කර ගැනීමට කටයුතු කළ
    යුතුයි. එම මුදල අය කර ගැනීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් අලුතින් ප්‍රතිපාදන සකස් කර හෝ මුදල් අය කර ගැනීමට පියවර ගත යුතුයි.

    පාර්ලිමේන්තුව තුළ නොකිය වූ බැඳුම්කර වාර්තාවක් වෙනුවෙන් ඇතැම් මන්ත්‍රීවරුන් ලේ හලා ගැනීම හාස්‍යජනක සිද්ධියක්. නිසි ලෙස කරුණු අවබෝධ කර නොගෙන පටු දේශපාලන අරමුණු උදෙසා පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීම අනුමත කළ නොහැකි දෙයක්. බැඳුම්කර සිද්ධිය හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 11 ක මුදල නැවත ජනතා සන්තක කිරීමට අපි පියවර ගත යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැඳුම්කර සිද්ධිය සොයා බැලීමට කොමිසන් සභාවක් පත් කළ පසුව ඒ පිළිබඳව විවිධ දෙනා විවිධ චෝදනා කළා. මේ සිද්ධිය යට ගහන්න තමයි කොමිසන් සභා පත් කරන්නේ කියලා ඇතැමුන් කීවා. නමුත් අලුත් අලුත් කරුණු මේ කොමිසන් සභාව මඟින් සොයා ගත්තා. කොමිසන් සභාවක් පත් නොකළා නම් එම සිද්ධි අනාවරණය නොවන්නත් ඉඩ තිබුණා.


    නව වසර ආරම්භයේදීම ජනාධිපතිවරයා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් හොඳ ආදර්ශයක් රටට ලබා දුන්නා. ඒ ගැන අපි ප්‍රශංසාත්මක විය යුතුයි. ජනාධිපතිවරයාගේ විවෘතභාවය නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් තෙවැනි පාර්ශ්වයක් ලෙස ජනතාවට ද විමසිල්ලෙන් සිටිය හැකියි. කොමිසන් සභාවේ නිර්දේශ මේ වන විට නීතිපතිවරයා යොමු කර තිබෙනවා. නීතිපතිවරයාගෙන් ලබා ගන්නා නෛතික උපදෙස් අනුව ඉදිරි කාලයේදි සිද්ධිය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ලෙස තීන්දු තීරණ ගැනීමට නියමිතයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya