අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ කඩිනම්ව ගැනීම ගැන සාකච්ඡාවක්

    ජනවාරි 06, 2018

    බැඳුම්කර කොමිසමෙහි නිර්දේශ ක්‍රියාත්මක කරලීම සදහා අවශ්‍ය පියවර කඩිනම්ව ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ (05) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    සම්පූර්ණ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කොට නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස වික්‍රමසිංහ මහතා මහබැංකු අධිපතිවරයා වෙත උපදෙස් දුන්නේය.

    එසේම කොමිසම විසින් නිර්දේශ කර ඇති පරිදි වෝහාරික විගණන පරීක්‍ෂණයක් පැවැත්වීමට සුදුසු දේශීය හෝ විදේශීය ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහබැංකු අධිපතිවරයා දැනුම් දුන්නේය.

    2008 සිට 2015 දක්වා සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු කොට, නීතිමය ක්‍රියා මාර්ග ගතයුතු බව කොමිසම දන්වා ඇති බැවින්, මහ බැංකුවේ සියලු ලිපිගොනු සුරක්‍ෂිත කරලීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම මහබැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම් ඇතුළත් කමිටුවකට පැවරිණි.
    මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න,  ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, භාණ්ඩාගාර ලේකම් ආචාර් ආර්. එච්. එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහත්වරුන් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya