අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති සහ ජපන් විදේශ ඇමැති අතර හමුවක්

    ජනවාරි 06, 2018

    ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා දේශපාලන සබඳතා තහවුරු කරලීමේ අපේක්ෂාවෙන් තමා මෙහි පැමිණි බවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබාදෙන සහය අගය කරන බවත් ජපාන විදේශ අමාත්‍ය කොනෝ තරෝ මහතා පැවසීය.

    ජපාන විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ඊයේ (05) ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදීය.

    ජපාන විදේශ අමාත්‍යවරයෙකු වසර 15කට පසුව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථා මෙය වන බව අවධාරණය කළ තරෝ මහතා වැඩිදුරටත් ප්‍ර‍කාශ කළේ ඉන්දීය සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍ර‍ස්ථානයක් ලෙස වර්ධනය ලබා ගැනීමේ ශ්‍රී ලංකා අභිප්‍රාය ජය ගැනීම උදෙසා ජපානය හැම විටම සහ ලබාදෙන බවයි.

    ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස ජපානය ලබාදෙන සහය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා අගය කළේය. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය සඳහා මෙන්ම ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය වෙනුවෙන් ජපානය නිබඳ ලබාදෙන සහය පිළිබඳව වික්‍ර‍මසිංහ මහතා ස්තූතිය පළ කළේය.

    කොළඹ හා ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය, මහනුවර නගරය පුළුල් හා නවීකරණය කිරීම, මධ්‍යම අධිවේගි මාර්ගය, කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීම ආදි සංවර්ධන කාර්යන්හිදී ජපානයේ ඇත්දැකීම් මෙන්ම ආයෝජන සහය ද ශ්‍රී ලංකාවට වැදගත් බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    ජපානයේ ආධාර ඇතිව ඉදිකෙරෙන පාවෙන ද්‍ර‍ව බලාගාරය පිළිබඳ ගිවිසම් අත්සන් කිරීම ජනවාරී මාසයේ තුන්වන සතිය වනවිට සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී අනාවරණය කෙරිණි.

    කලාපීය හා ජාත්‍යන්තර දේශපාලන ප්‍ර‍වණතාවන් සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදී අදහස් හුවමාර කර ගැනිණි.

    ජපානය සහ ශ්‍රී ලංකාවට එක්ව ක්‍රියා කිරීමට කේෂ්ත්‍ර‍ ගණනාවක් ඇති බව පෙන්වා දුන් ජපානය විදේශ අමාත්‍යවරයා ඉදිරියේදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සමඟ වඩාත් සමීපව ක්‍රියා කිරීමට තමා බලාපොරොත්තු වන බව ද පැවසීය.

    මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන ජපාන වෙළෙඳ මණ්ලයේ ඉහළ පෙළේ දූත පිරස පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගුනුමා කෙනිටි, ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග හා නිරිත දිග ආසියා කලාපීය අධ්‍යක්ෂ ජනරාල් තකිසකි ෂිගෙකි, ජාත්‍යන්තර සහයෝගීතා බියුරෝවේ අධ්‍යක්ෂ ජනරාල් නිෂිදා කසුයා ඇතුළු නිලධාරී පිරිසක් ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ මේ සාකච්ඡාවට එක් වූහ.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය තිලක් මාරපන, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්ම මහත්මීන්හු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya