අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් වාර්තාවක් තැබූ දරුවා ජනපති හමු වෙයි

    ජනවාරි 05, 2018

    පොතක් ලියා පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස ගිනස් පොතට එක් වූ තනුවක සේරසිංහ දරුවා අද (05) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

    සිය දෙමව්පියන් සමඟ සීෂෙල්ස් හි පදිංචි මෙම දරුවා "Junk Food" නැමති ඉංග්‍රීසි ග්‍රන්ථය රචනා කරන විට ඔහුගේ වයස අවුරුදු 04 යි දින 356 කි.මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඔහුට ගතව ඇත්තේ දින 03 ක කාලයක් වීමද විශේෂත්වයකි.

    දරුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔහුට තිළිණයක් ද පිළිගැන්වූ අතර ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන්  සිය ආශිර්වාදය පළ කළේය.

    සීෂෙල්ස්හි ශ්‍රී ලංකා තානාපති ටිකිරි හේරත් ගුණතිලක මහතා සහ දරුවාගේ දෙමව්පියන් වන තුසිත සේරසිංහ, අප්සරා සේරසිංහ යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya