අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවර්ෂ පූර්ණ පුණ්‍ය මහෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජනවාරි 02, 2018

    මහනුවර, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවර්ෂ පූර්ණ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (01) පස්වරුවේ පැවැත්විණි.

    ඓතිහාසික කන්ද උඩරට නෙල්ලිගල නම් සුන්දර කදු පියසේ පිහිටි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දෙස් විදෙස් ජනතාවගේ ගෞරවයට හා වන්දනාවට පාත‍්‍ර වූ පුදබිමකි.

    බෞද්ධ ධර්ම මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශීය සංස්කෘතික ආයතනයක් ලෙස නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අද සුවිශේෂි ආගමික සහ සාමාජයීය මෙහෙවරක් ඉටු කරමින් සිටී.

    එහි තෙවර්ෂ පූර්ණ පුණ්‍ය මහෝත්සවය සඳහා එක්වූ ජනාධිපතිතුමා වෙත නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ විසින් විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

    බෞද්ධ මධ්‍යස්ථානයේ ප‍්‍රාකාර බැමි සහිත සංවර්ධනය කරන ලද ඉහළ මළුව විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ඉන් අනතුරුව ශී‍්‍ර ශාඛ්‍යසිංහ සුගන්ධ කුටිය වෙත ගිය ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති ශී‍්‍ර ධාතුන් වහන්සේ වෙත පුෂ්පෝපහාර දැක්වීය.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ශී‍්‍ර චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ විද්‍යාලාධිපති, රංගිරි දඹුලු රජමහා විහාරාධිපති පූජ්‍ය ගොඩගම ධර්මකීර්ති ශී‍්‍ර චන්ද්‍රානන්ද මංගලාභිධාන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මයන්ත දිසානායක යන මහත්වරුන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya