අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ කාර්යය සිහිගන්වමින් නව වසරක් ඇරඹේ - අගමැති

    ජනවාරි 01, 2018
    ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ කාර්යය සිහිගන්වමින් නව වසරක (2018) ආරම්භය සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    සම්පූර්ණ සුභ පැතුම
     
    2018 වසර එළඹෙනුයේ දිගුකාලීන ජනතා අපේක්ෂාවන් ජයගනිමින් අප ලැබූ සමාජ, දේශපාලන නිදහස වඩාත් අර්ථවත් කරගැනීමේ ප්‍රමුඛ කාර්යභාරය නැවත නැවතත් සිහිගන්වමිනි. 
     
    යහපාලන රජය පිහිටුවන මොහොත වන විට රට තුළ විශාල සමාජ, ආර්ථික, දේශපාලන පිරිහීමක් පැවති අතර, දැඩි දුෂ්කරතා මැද වුව තිරසර සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ආර්ථික ස්ථාවරභාවයක් කරා යාමට අපි කටයුතු කළෙමු. 
     
    ගෙවුණු කාලසීමාව තුළ ජනතාව වෙත සමාජ, දේශපාලන, මානව නිදහස අයත් කරදීම සඳහාත්, ජාත්‍යන්තර වශයෙන් අප රට පිළිබඳව පැවති අඳුරු ආකල්ප වෙනස් කොට සුහදශීලී වාතාවරණයක් ගොඩනැගීම සඳහාත් ප්‍රමුඛ අවධානයක් යොමුකරමින් කටයුතු කළෙමු. එම කටයුතු සාර්ථක කරගන්නට මේ වන විට අපට හැකි වී ඇත.  
     
    ප්‍රජාතන්ත්‍රවාදී, සදාචාරසම්පන්න දියුණු රටක් ලෙස ඉදිරියට යාම සඳහා අප රජය මෙතෙක් ගෙන ගිය වැඩපිළිවළට සහය ලබා දුන් සැමට කෘතවේදී වෙමින්, වඩාත් ශක්තිමත්ව ඉදිරියට යාමට මේ වසර තුළද ඔබ අප සමඟ රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කරමු.  
     
    2018 නව වසර සියලු යහපත් අරමුණු ඉටුවන, ධෛර්යවන්ත වසරක්ම වේවායි ප්‍රාර්ථනය කරමි. 
     
    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya