අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී වංචාවට දූෂණයට ඉඩක් නෑ - ජනපති

    ජනවාරි 01, 2018
    එළැඹෙන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනවලට පත්වන නව සභාපතිවරුන් සහ මන්තී‍්‍රවරුන් කුමන දේශපාලන පක්ෂයකට අයත් වුව ද වංචා, දූෂණ සහ ප‍්‍රචණ්ඩත්වය සඳහා ඔවුන්ට කිසිසේත් තමන්ගෙන් ඉඩක් නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.
     
    එලෙස හැසිරෙන සියලු දෙනා වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක කර ලබාදිය හැකි ඉහළම දඬුවම් ලබාදෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (31) පොළොන්නරුව සිරිපුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
     
    පළාත් පාලන ආයතනවලට පමණක් නොව ඉන් ඉහළ සියලු අංශවලට ඉදිරියේදී නීතියේ ආධිපත්‍ය තුළ කටයුතු කිරීමට සිදුවන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
     
    ජනතාවගේ මුදල් සොරා කමින් වංචාව, දුෂණය වැපිරූ යුගය තම පාලන කාලය තුළ නිමා කිරීම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිතිතුමා යහපත් චර්යාවකින් ජනතා යහපත උදෙසා කැපවන මහජන නියෝජිතයින් පිරිසක් රට තුළ ගොඩනඟන බව කියා සිටියේය.
     
    මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමා හමු වූ සිරිපුර මධ්‍ය මහා විද්‍යාලේ 10වන වසරේ ඉගෙනුම ලබන අතක් අහිමි එන්.පී. විනිතා දමයන්ති සිසුවිය තමන්ට කෘති‍්‍රම අතක් ලබාගැනීමට සහයවන ලෙස ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා එම අවස්ථාවේම තම පෞද්ගලික වෛද්‍යවරයා අමතා එම දැරිය කොළඹට කැඳවා එම ඉල්ලීම කඩිනමින් ඉටුකරදෙන ලෙස උපදෙස් ලබා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya