අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනජීවී දෙපාර්තමේන්තුව පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කෙරේ

    ජනවාරි 01, 2018
     
    වනජීවී දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදෙමින් එය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක්කිරීමේ කටයුතු රජය මේ වන විට සිදුකරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
     
    ඒ අනුව අද ප‍්‍රදේශ රැසක ජනතාවට මුහුණදීමට සිදුව ඇති වන අලි ගැටලුවට ඉදිරියේදී විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (31) පොළොන්නරුව වෙහෙරගල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
     
    වනජීවී දෙපාර්තමේන්තුවේ සම්පත් හිඟය හේතුවෙන් අලි වැට ඉදිකිරීම ඇතුළු කටයුතු පසුගිය කාලය තුළ ප‍්‍රමාද වී තිබූ අතර ඉදිරි වසරේ සිට එම කටයුතු විධිමත් අයුරින් සිදු කෙරෙණු ඇති බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
     
    ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මෙතෙක් කි‍්‍රයාත්මක සංවර්ධන කටයුතු සේම ග‍්‍රාමීය සංවර්ධනයේ සුවිශේෂී පරිවර්තනයක් නව ප‍්‍රාදේශීය සභා ස්ථාපිතවීමත් සමග සිදුකරන බවයි.
     
    රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල්වල කිසිදු අඩුපාඩුවක් නොමැති අතර ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බලා එය නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීම පළාත් පාලන ආයතන සඳහා අලුතින් පත්වන නියෝජිතයින්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා පැවසීය.
     
    රටේ ගොවි ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් පසුගිය වසර තුන තුළ රජය සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව සඳහන් කළ ජනාධිපතිතුමා වීවලට මෙතෙක් නොලැබුණු ඉහළ මිලක් ගොවි ජනතාවට හිමිවූයේ වත්මන් රජය යටතේ බව ද කියා සිටියේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya