අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපවත්වී වදාළ අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහා නායක ස්වාමින් වහන්සේගේ ජන්මදින දානමය පුණ්‍යකර්මයට ජනපති එක්වෙයි

    දෙසැම්බර් 31, 2017
     
    අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර නායක ස්වාමින් වහන්සේගේ 103 වන ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ දානමය පුණ්‍ය කර්මයක්  (30) දහවල් නුගේගොඩ ශ්‍රී විද්‍යා විජයාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.
    අපවත්වී වදාළ මහානායක හිමිපාණන්ගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා අනතුරුව දානමය පුණ්‍ය කර්මය සදහා එක්වෙමින් මහා සංඝරත්නයට දානය පිළිගැන්වීය.
    මහා සංඝරත්නය 150ස් නමක් විෂයෙහි පැවති දානමය පුණ්‍ය කර්මයේ ප්‍රධාන අනුශාසනාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ විසින් සිදු කළ අතර, පිරිස පංචශීලයේ පිහිටුවීම පූජ්‍ය ගිරාබේ මංගල නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කළහ.
    විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කරගහඋල්පොත සුගතනන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya