අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙබ් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් ජනපතිට

    දෙසැම්බර් 29, 2017

    වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (29 කොළඹ දී සිදු විය.

    වෙබ් මාධ්‍යවේදින්ගේ සංවිධානය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබූණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ වෙබ් මාධ්‍ය කලාව සඳහා හඳුන්වාදුන් මෙම ආචාර ධර්ම පද්ධතිය ඉතා වැදගත් විශිෂ්ට කාර්යයක් බවයි.

    එමෙන්ම මෙය මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රය සහ මුළු මහත් මානව සමාජය වෙනුවෙන් කාලීන අවශ්‍යතාවයක් ඉටුකිරීමක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    වෙබ් මාධ්‍යවේදින්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් නුදුරු දිනකදීම ලබාදෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

    අමාත්‍ය මංගල සමරවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශණ ගුණවර්ධන යන මහත්වරුන් සහ වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ, ලේකම් කැලුම් ශිවන්ත යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya