මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනපති ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 18, 2017

    දියතලාව ශ්‍රී  ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඊයේ (17) ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    දියතලාව යුද හමුදා විද්‍යාපිඨය වෙත ගිය ජනාධිපතිවරයා එහි සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රීයන්ත සේනාරත්න මහතා විසින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

    මෙහිදී කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 191 දෙනෙකු සාර්ථක යුද හමුදා පුහුණුවකින් පසු අධිකාරි නිල ලබා යුද හමුදා සේවයට එක්වනු ඇත.

    පුහුණු කාලය තුළ විශිෂ්ඨ දක්ෂතා පෙන්වූ නිලධාරීන් සිව් දෙනෙකු වෙත සංකේතාත්මකව අසිපත් ප්‍රදානය කළ ජනාධිපතිවරයා,  ඔවුන් දෙවන ලුතිනන් නිලයේ පිහිටුවමින් උරහිස් ලාංඡන පැළැදවීම ද සිදුකළේය.

    මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, යුද හමුදාපති මහේෂ් සේනානායක, දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න මහත්වරුන් ඇතුළු යුද හමුදා නිලධාරීන් රැසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya