අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියාවට තේ අපනයනයේදී මතුව ඇති ගැටලුව විසඳීමට කඩිනමින් කටයුතු කරනවා - ජනපති

    දෙසැම්බර් 17, 2017

    ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව ශ‍්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව තාවකාලිකව පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ඒ පිළිබඳ කරුණු පැහැදිළි කිරීම සඳහා අමාත්‍යවරුන් වන නවීන් දිසානායක සහ රිෂාඞ් බදුර්දීන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත කණ්ඩායමක් අද රාති‍්‍රයේ රුසියාව බලා පිටත්කර යවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එමෙන්ම මේ පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතාගෙන් තමා විශේෂ ඉල්ලීමක් සිදුකරන බව ද සඳහන් කළ ජනාධිපතිතුමා මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ගේ සහය ශී‍්‍ර ලංකාවට හිමිවනු ඇති බවත් එබැවින් මේ පිළිබඳව තේ කර්මාන්තයේ නිරත කිසිවෙකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවත් සඳහන් කළේය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (17)  හපුතලේ පැවති උත්සයකට එක් වෙමිනි.

    රුසියාවට තේ සපයන එක්තරා සමාගමක් විසින් ඇසුරුම්කරන ලද තේ පෙට්ටියක සිටි තේ කර්මාන්තයට මෙන්ම කෘෂිකර්මාන්තයට ද හානිදායක කෘමියෙකු රුසියාවේදී සොයා ගැනීමත් සමඟ ශී‍්‍ර ලංකාවේ තේ මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රුසියාව කටයුතු කරන ලදී.

    අදාළ ගැටලුවට වගකිවයුතු සමාගමට එරෙහිව සම්පූර්ණ පරික්ෂණයක් සිදුකර නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා අදාළ පරික්ෂණවලදී සමාගම වැරදිකරු බවට තහවුරු වුවහොත් ඔවුන්ගේ අපනයන බලපත‍්‍රය තහනම් කිරීමට ද කටයුතු කරන බව මෙහිදී කියා සිටියේය.

    එමෙන්ම විශ‍්‍රාමලත් රාජ්‍ය නිලධාරින්ගේ සංගම් කිහිපයක් විසින් අද දින පුවපත්වල පළ කර තිබූ ලිපි කිහිපයක් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රාජ්‍ය සේවයේ සියලු විශ‍්‍රාමිකයින්ගේ ගැටලූ නිරාකරණය කර දී ඔවුන්ගේ දීමනා හා වරප‍්‍රසාද දිනාදීමට ඉදිරි සතිය තුළදී අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya