නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ මැලේසියා අගමැති අතර නිල හමුවක්

    දෙසැම්බර් 18, 2017

    තෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මැලේසියා අග්‍රාමාත්‍යවරයා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

    ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

    ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භකර වසර හැටක් සපිරීම සමරමින් මැලේසියා අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවන අතර, දෙරටේ මිත්‍රත්වය විදහා දක්වමින් මැලේසියා අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් කෙටි උත්සවයක් ද ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.

    නායකයින් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.

     

    06

    13

    111

    14

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya