අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසිරිමත් නත්තල ජාතීන් අතර සංහිඳියාවට වැදගත් - ජනපති

    දෙසැම්බර් 17, 2017

    සාමයේ සහ පේ‍්‍රමයේ පණිවිඩය ලොවට රැගෙන යන නත්තල ජාතින් අතර සංහිඳියාව සහ සහජීවනය ශක්තිමත් කිරීමට ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (16) ති‍්‍රකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමිනි.

    එකම රටක වෙසෙන එකම ජනතාවක් ලෙස නත්තලේ අරුත ගැඹුරින් බෙදාහදා ගැනීමේ අරමුණින්,පේ‍්‍රමයේ උපත නත්තලයි, තේමාව යටතේ මෙවර ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් රාජ්‍ය නත්තල් උත්සවය සංවිධානය කර තිබුණි.

    මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මනුෂ්‍යත්වයේ ආලෝකය සෑමවිටම නත්තල සමග උදාවන බවයි.

    නත්තලේ අරමුණ වන දුප්පතුන් වෙනුවෙන් පහන් ආලෝකය දැල්වීම සඳහා අප සියලුදෙනා වෙත වගකීමක් පැවරී ඇති බව ද පෙන්වාදුන් ජනාධිපතිතුමා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද කියා සිටියේය.

    රටේ අනාගතය සඳහා සෑමවිටම ජාතින් අතර සාමය සහ සංහිඳියාව ශක්තිමත් විය යුතු අතර, නැවත රට තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොතබා සියලු ජාතීන් සහ ආගමිකයින් අතර සංහිඳියාව ගොඩනැගීමට එක්වන ලෙස මෙම උතුම් නත්තලේදී තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    බැතිසිතින් අසිරිමත් නත්තල සැමරීමට සූදානම් වන සියලු කිතුණු බැතිමතුන් වෙනුවෙන් මෙහිදී ජනාධිපතිතුමා සිය සුභාශිංසන එක් කරනු ලැබීය.

    කැරොල් ගායනා ඇතුළු විචිත‍්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූ අතර 2017 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරගවල ජයග‍්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශී‍්‍ර ලංකා රදගුරු සංගමයේ සභාපති හා බදුල්ල පදවි රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය වින්සන් ප‍්‍රනාන්දු රදගුරු හිමිපාණන්, ති‍්‍රකුණාමලය රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය නොයෙල් එම්මානුවෙල් හිමිපාණන් ප‍්‍රමුඛ හිමිපාණන් වහන්සේලා ද, සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අබ්දුල් මහරුෆ්, සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන්, කි‍්‍රස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.ආර්. ගුණවර්ධන, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya