එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වසර 50ක කාලයක් සාමාජිකත්වය සම්පූර්ණ කළ එම්. එස්. එල්. සල්ගාදු සහ එස්. බී. ඩබ්. ද සිල්වා යන මහත්වරුන් වෙත අග්‍රාමාත්‍යවරයා අතින් සමරු තිලිණ ප්රදානය කිරීම සිදු කෙරිණි. මෙම අවස්ථාවට කතානායක කරූ ජයසූරිය, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වී සිටියහ.