මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය
ආනයනයට වසරකට ඩොලර් බිලියන 20ක් යනවා. පරතරය තියෙනවා ඩොලර් බිලියන 8ක් තියෙනවා. 2019 වසරේ දී අලුතින් බිලියන 04ක් ණය ගෙවන්න සොයා ගන්න වෙනවා. සාම්ප්‍රදායික ආදායම් අපට එන්නේ නෑ. කෘෂිකර්මාන්තය වැටිලා.සේවා අංශය වැඩි වෙලා. සැලසුම්ගතව සියයට 70%ක් වූ කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් ආරක්ෂ කරලා, ආරක්ෂණවාදී වැඩපිළිවෙලකට ගිහිල්ලා ආනයනයන් සීම කර අපනයනයන් දිරි ගැන්විය යුතුයි.
අපේ රටේ බලශක්තිය සඳහ ගෙවන අධික පිරිවැය අඩු කළ යුතුයි. ඊළඟ වසරේ ජනන සැලැස්මක් එනවා. කළමනාකරණය කිරීමේ වගකීම අට තියෙනවා. ඉල්මනයිට් වසර 35කට අවශ්‍ය ප්‍රමාණයක් අපට තිබෙනවා. පරීක්ෂණ අවසාන අදියරේ තියෙන්නේ. නැනෝ ටයිටෙනියම් ඩයොක්සයිඩ් ටොනෙකක මිල කීයද? කොලිටි නෑ. සාධක හතරක් මතයි තෙල් මිල තීරණය කරන්නේ. මේක සාකච්ඡා වෙන්නේ නෑ.කවුද මිල තීන්දු කරන්නේ? අපනයනය දිරිමත් වන්නේ නැත්නම් ගුණාත්මකභාවය වැඩිකරන්නේ නැත්නම් කොහොමද මෙය සිදු කරන්නේ. කවුද ස්වාභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණය කළා නම් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකියි.පළපුරුදු අය අධ්‍යාපනය ලැබූ අය මෙම ආයතනවලට පත් කරන්න යැයි ද අමාත්‍යවරයා පැවසීය.