අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂයෙන් තාර්කික විවේච්නයක් අයවැයට ඉදිරිපත් කළේ නෑ- ගමන් මඟ වෙනස් කිරීමට විෂන් 2025 ඉදිරිපත් කළා

    දෙසැම්බර් 09, 2017

    අයවැය තුළ ප්‍රශ්නයක් ඇති බවට විපක්ෂයෙන් තර්කාණුකූල විවේචනයක් ඉදිරිපත් නොවුණ බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය

    මේ අයවැය විවේච්නය කරන බවක් දැක්කේ නෑ. අයවැය හරහා ඉදිරිපත් කර තිබෙන්නේ, 2025 දැක්මට අනුකූලව එළඹෙන වසර තුනේ වැඩපිළිවෙල අනුව 2018 වසරේ කටයුතුයි.

    අයවැය මඟින් තර්කානුකූලව කල යුතු දේ ඉදිරිපත් කළේ. ලිහිල්කරණය සම්බන්ධයෙන් නාවික ක්ෂේත්‍රය පිළිබඳව විවේචනය කළා. කුළුණු බද්ද ගැන නැවත සැළකිලිමත් විය යුතුයි කියා මම කිව්වා.සීනි බද්ද සම්බන්ධයෙන් ක්‍රියාත්මක් කළ යුතු ද කියලා විවේචනයක් ආවා.

    අපි තර්කණුකූලව සොයා බල ක්‍රියාත්මක විය යුතුයි.මද්‍යසාර මට්ටම අනුව බද්ද වැඩිවීමේ තර්කය නිවැරැදියි. විපක්ෂයේ තර්කාණුකූල විවේච්නයක් ඉදිරිපත් කළේ නෑ අයවැයේ ප්‍රශ්න තියෙනවා කියලා.

    ණය ප්‍රශ්නය ගැන කතා කරන කොට අපි කල්පනා කරන ඕන ඇයි අප විශාල ණාය ප්‍රශ්නයකට සිර වී සිටින්නේ කියලා. අපිට තිබුණු ප්‍රශ්නයට මුහුණ දෙන්න හැකියාවක් තිබෙනවා. ඇමෙරිකන් ඩොලර් මිලියන 4219ක් වසර 2019 ගෙවන්න තියෙනවා.දැන් ඩොලර් බිලියන 4ක් දක්වා ගෙවන්න වෙලා. මේ යථාර්තයට මුහුණ දෙන්න වෙනවා.ඩොලර් ආදායම පහළට ගියා. හම්බන්තොට වරාය වැරදි කියන්නේ නෑ. වියදම වැඩියි. මේ ප්‍රශ්නයට විසඳුමක් ගේන්නයි අපි ගමන වෙනස් කරන්න ඕන කියලා විෂන් 2025 ඉදිරිපත් කළේ. අපි ප්‍රතිපත්ති වශයෙන් කතා කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya