අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල ශක්තිමත්ව තබා ගනිමින් ආර්ථිකයේ ඉදිරි දැක්මක් සහිතව කටයුතු කළ යුතුයි

    දෙසැම්බර් 09, 2017

    රුපියල ශක්තිමත් මට්ටමක තබා ගත යුතු බවත් ආර්ථිකයේ ඉදිරි දැක්මක් සහිතව කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසී ය.

    ලෝක ආර්ථිකය අපහසුවෙන් ගමන් කරන්නේ. ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉදිරි දැක්මක් සහිතව ඉදිරියට ගෙන යන්න හැකි වී තිබෙනවා.රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. අපට තවමත් සෑබෑ ආර්ථික නිදහස ළඟා කරගැනීමට නොහැකි වී තිබෙනවා.


    ආදායම අමාරුවෙන් යන අවස්ථාවකදී,ණය බර අපට බාර දී තිබෙන අවස්ථාවේ දී සංවර්ධනයට වෙන් කළ මුදල අප නිසි ලෙස භාවිතා කළ යුතුයි.ව්‍යුහාත්මක වෙනස්කම් කර තිබෙනවා. වඩ හොඳ ක්‍රමෝපායන් අනුගමනය කිරීමෙන් රටට එන විදේශිකයන් ප්‍රමාණය වැඩි කරගත හැකියි.රටට උපයාගත හැකි දේ සහ පාරිභෝගිකයන්ට උපයාගත හැකි දේ අතර සමබරතාවක් තිබිය යුතුයි.

    බදු ලිහිල් කිරීමෙන් අවාසිදායක තත්ත්වයන් ද ඇති විය හැකියි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දෙස බැලිය යුතුයි.කෘත්‍රීම විනිමය අනුපාතය පිළිබඳව, අපට පේනවා ආදායම වැඩි කිරීම අවශ්‍යයි. අපනයනය වැඩි කරන්න.රුපියල පවෙන්න් ඉඩ තිබ්බොත් අපේ අපනයනයට බාධවක් ඇති වෙනවා. රුපියල පාවෙන්න ඉඩ නොදී ආර්ථික වර්ධනයක් සමඟ කටයුතු කරන්නයි බලාපොරොත්තු වුණේ. රුපියල ශක්තිමත් මට්ටමක තබා ගත යුතුයි. අපනයනය කිරීම ශක්තිමත් කළ යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya