මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීලහරිත ආර්ථිකයක්,පරිසර හිතකාමී ආර්ථිකයක් සඳහා අයවැයෙන් යෝජන රැසක්

    දෙසැම්බර් 09, 2017

    නීල හරිත ආර්ථිකයක්,පරිසර හිතකාමී ආර්ථිකයක් සඳහා යෝජන රැසක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය

    එදා වෙනසකට ඡන්දය ලබාදුන්නා. මේ අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ ආර්ථික පොරොන්දු ඉටු කරන්නයි. මේ අයවැයෙන් කතා කරන්නේ හෙට දිනය ගැනයි. ඩීමෝ බට්ටා රථය ලක්ෂ තුනකින් අඩු කළා. කුඩා මිනිසුන්
    ගැන සිතුවා.අපි අයවැයට ප්‍රථමයෙන් බඩු මිල අඩු කළා. මේ රටේ ජලගැලීම් නියඟ තිබුණා. මිල ඉහළ ගියා. අපි කළ හැකි දේ කළා. අර්තාපල්,පරිප්පුවල බදු අඩු කළා.

    අපි ක්‍රියාකරනවා හාල් රටට ආනයනය කරනවා සහල් මිල තවත් පහලට බැස්සීමට කටයුතු කරනවා. නීල හරිත ආර්ථිකයක්,පරිසර හිතකාමී ආර්ථිකයක් සඳහා යෝජන රැසක් මේ අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. පාසල්සිසුන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. වැදගත්ම දායාදය දරුවන් හා තරුණ පරපුරයි. අධ්‍යාපනයට උසස් අධ්‍යාපනය,නිපුණතා සංවර්ධනයට 2.37 %දක්වා දළ දේශීය නිෂ්පාදනයෙන් වැඩි කර තිබෙනවා.

    සෑම දරුවෙකුටම උසස් අධ්‍යාපනයක් ලබදෙන්න බලාපොරොත්තු වෙනවා. වහල් සේවා වලට පිටරට යවන්න වුවමනා නෑ.වෘත්තීමය අධ්‍යාපනයක් ලබාදෙන්න ඕන.

    පසුගිය රජය රැකියා වැඩි කළා. අප එය කරන්නේ නෑ.2015 රැකියා ලක්ෂ 3ක් උත්පාදනය කර තිබෙනවා. මේවා සැබෑ රැකියා. ගමනට අත්තිවාරමක් දමා තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya