මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට වරාය ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300ක්- ජනතාවට බරක් නොවී හම්බන්තොට වරාය දියුණු කරනවා

    දෙසැම්බර් 09, 2017

    ශ්‍රී ලංකා රජය සමඟ එක්ව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ංඩිංග්ස් සමාගම සමඟ අත්සන් කෙරුණු හම්බන්තොට වරාය ගිවිසුම අද (9) සිට නිලවශයෙන් ක්‍රියාත්මක වන අතර වරය ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 300ක මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පාර්ලිමේන්තු සංකීර්නයේ දී පැවැත්විණි.

    මේ අවස්ථවේ දී උත්සව සභාව ඇමැතූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

    හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරායක් ලෙස ක්‍රියාත්මක කෙරෙනවා.ජාතික ආණ්ඩුවක් ලෙස හම්බන්තොට වරාය දියුණු කර ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වන්නේ. වරායෙන් පිට ආර්ථික කලාපයක්
    ස්ථාපිත වෙනවා.හම්බන්තොට වරාය සංවර්ධනය තුළින් රුහුණු ආර්ථික කර්මාන්ත් ආඅර්ථික පදනමක් ඇති වෙනවා.

    ඊයේ දිනයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීති පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත්තා.මේ ණය ගෙවීමට රජය පොරොන්දු වුණා. ජනතාවට බරක් නැතිව හම්බන්තොට වරාය දියුණු කරන්න කටයුතු
    කරනව. අද ඩොලර් මිලියන 300ක් අපට ලබෙනවා. මෙම මුදල විදෙස් සම්පත් සංචිතයේ තැම්පත් කරනවා.අනාගත පරපුරට බරක් නැතිව ඉදිරියට යන්න පුළුවන්. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අවස්ථාවේ දී අප චීන රජයට නියෝජිතයන් සැමට ස්තූතිය පළ කරනවා.

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, ආචාර්ය සරත් අමුණුගම, මංගල සමරවීර,මහින්ද සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, චීන රජයේ නියෝජිතවරු, සහ සමාගම්වල නියෝජිතවරු, නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya